දේශීය පුවත්

ඊයේ (08) දින පාර්ලිමේන්තුවේ දී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසා සිටියේ පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරඟමාලව තුළ දී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් නිරන්තරයෙන් අසාර්ථක වූ බවයි.

ඊට පිළියමක් වශයෙන් දැනට තරඟ තහනම් පනවා ඇති ක්‍රීඩකයින් තිදෙනා කණ්ඩායමට ඇතුළත් කිරීමට සලකා බලන ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය. කිරිඇල්ල මන්ත්‍රීවරයාට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පැවසුවේ අදාළ තීන්දුව සම්බන්ධයෙන් පළමුව සලකා බැලූ කාරණය වන්නේ විනය බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල – මගේ ප්‍රශ්නය තරඟ තහනමක් පනවා ඇති ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා පිළිබඳව. ඔබ පසුගිය තරඟාවලිය බැලුවානම් අපේ ආරම්භක පිතිකරුවන් ඉතාම අසාර්ථකයි. මම හිතන්නේ ඇමතිතුමා ඊට එකඟ වෙයි. අපිට හොඳ ආරම්භයක් ලබා ගන්න ඉතා අපහසු වුණා. ආරම්භක පිතිකරුවන්ගෙන් කෙනෙක් පළමු ඕවර දෙක තුන ඇතුළත දැවී ගියා. තරඟ තහනම් පනවා ඇති ක්‍රීඩකයින් තිදෙනා ඉතා හොඳ ක්‍රීඩකයින්. ඔබ ඔවුන් ගැන සලකා බලනවා නම් හොඳයි. මොකද අපිට 2022 දී නැවත වරක් ලෝක කුසලානයකට මුහුණ දෙන්න තිබෙනවා. මම හිතන්නේ ඔවුන්ට ලොකු දඩයක් නියම කළා.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ – ගරු මන්ත්‍රීතුමනි, ඔබට තේරෙනවා ඇති, විනය තමයි අංක එක. ඔබ දන්නවා විනය නිසිපරිදි පවත්වා ගෙන යාමට නොහැකි වූ නිසා ඔබේ පක්ෂයට වෙච්ච දේත්. එය මගේ ජාතික කණ්ඩායමට සිදුවෙන්න දෙන්න මට අවශ්‍ය නැහැ. අපි විනයානුකූල පියවර අරගෙන තිබෙනවා. පාලක මණඩලය මේ සම්බන්ධයෙන් කමිටුවක් පත්කරලා ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. තීන්දුව ලබා දීලා තිබෙනවා. ඔවුන්ට දේශීය තරඟ සඳහා සහභාගී වෙන්න පුළුවන් කාලය අවසන් වුණාම. එල්පීඑල් තරඟ සඳහා එක්වන්නත් පුළුවන්. වසරකින් පසු ජාත්‍යන්තර තරඟ සඳහා එක්වන්න පුළුවන්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More