දේශීය පුවත්

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිපික් කලාපීය සමුළුවට (2nd Regional Conference on Industrial Development (RCID) – 2021 ) සහභාගි වීම පිණිස කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා  ඊයේ (08) දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම සමුළුව ඉන්දුනීසියානු කර්මාන්ත අමාත්යංශය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධනය පිළිබඳ සංවිධානයේ(UNIDO) සහයෝගීතාවයෙන් සංවිධානය කරනු ලබන අතර එය මෙම මස 10 – 11 දෙදින තුළ “තිරසාර කාර්මීකරණය සඳහා කර්මාන්ත කඩිනම් කිරීම” යන තේමාව යටතේ පැවැත්වේ. මෙම සමුළුව සඳහා UNIDO සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ සාමාජික රටවල කර්මාන්ත අමාත්යවරු සහභාගී වෙති.
ඉන්දුනීසියාවේ ජකර්තා නුවරට පැමිණි කර්මාන්ත අමාත්යවරයා ඇතුළු පිරිස එරට කර්මාන්ත අමාත්යාංශයේ ලේකම්වරයා විසින් පිළිගනු ලැබීය. ප්රධාන සමුළුවට සමගාමීව ආසියානු පැසිපික් කලාපීය රටවල කර්මාන්ත සංවර්ධනයේදී පැනනගින ගැටළු සහ අභියෝග පිළිබදව විශේෂ සාකච්ජා කිහිපයක් ද පැවැත්වීමට නියමිත අතර කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා එහිදී අදහස් දැක්වීමට නියමිතය.


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More