දේශීය පුවත්

මීරිගම මුද්දරගම ප්‍රදේශයේ ඊයේ (07) පැවැති ජනහමුවකට එක්වෙමින්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ එයාර් බස් ගිවිසුම අහෝසි කර ඒ සඳහා වන්දි ගෙවීමේදී එවක යහපාලන ආණ්ඩුවේ ඇතැම් අය අමෙරිකානු ඩොලර් මිලියන 20ක පමණ මුදලක් වංචා කර ඇති බවයි.
එහිදී සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්,
“අපේ යහපාලන ආණ්ඩුව ඇවිල්ලා දඬුවම් කරනවා කියලා මොනවද කළේ ? අරගොල්ලෝ කරපු විදියටම හොරකම් කළා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ එයාර් බස් ගිවිසුමක් ගැහුවා කියල අපි දන්නව. ඒ ගනු දෙනුවෙන් ඩොලර් මිලියන 20ක පගාවක් ගැහුවා කියල කතාවක් තිබ්බා.ඒ නිසා ඒ ගිවිසුම අපේ යහපාලන ආණ්ඩුව ඇවිල්ලා අහෝසි කළා.අහෝසි කළේ ලොකු වන්දියක් ගෙවලා. මම හිතන්නේ ඩොලර් මිලියන 150ක විතර වන්දියක් ගෙව්වා. තමුන්නාන්සේලා විශ්වාස කරන්න ඒ වන්දිය ගෙවපු මුදලෙන් අපේ එවුන් ඩොලර් මිලියන 20ක් පගාව ගැහුවා. දැන් මේ පාඩුවක් වෙලා රටේ සල්ලි වලින් ඒ පාඩුව ගෙවනවා . ගෙවනකොට අපේ එකාගේ සාක්කුවට යන ඩොලර් මිලියන 20ත් ඒකට දානවා. යහපාලන ආණ්ඩුවේ අපේ නායකයා ඇතුළු ඒ අදාළ හිටපු අය වගකියන්න ඕනේ. කට්ටිය ඩොලර් මිලියන 20ක් ගැහුවා. දැන් මිනිස්සු කියනවා ආණ්ඩුව අපට එපා කියල. විකල්පය කවුද කියලා අපෙන් අහනවා. අපි අලුත් පක්ෂයක් හින්දා අපිට තමා ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් විකල්පය කියලා අපි හිතනවා. නමුත් ජනතාව තාම ඒ තීරණයට ඇවිල්ලා නෑ.”

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More