කොරෝනා රෝගීන් සඳහා නිවෙස් වල සිට ප්‍රතිකාර කිරීමේ වැඩසටහන සාර්ථක වී ඇති බවයි පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති සහ නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයේ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවාය.
” නිවෙස් සත්කාර සේවාවට එක්ලක්ෂ පන්දහස් අනූ අටක් මෙතෙක් ඇතුලත් වී තියෙනවා, එකෙන් 1633ක් තමයි රෝහල් ගත කරලා තියෙන්නේ. ඊයේ දවස වන විට රැඳිලා ඉන්නවා 4674ක් නමුත් 500ක ප්‍රමාණයක් පහුගිය පැය කිහිපය තුල පද්ධතියට ඇතුලත් වෙලා තියෙනවා. මේකෙන් පේනවා කොවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්” යනුවෙන් ඇය පැවසුවාය.
ගෙවුනු පැය 24 තුළදී රෝගීන් 500 කට අධික ප්‍රමාණයක් නිවෙස් ප්‍රතිකාර සඳහා ලියාපදිංචි වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...