ශ්‍රී ලංකාවෙන් පිටව යාමට නියමිත ඇමෙරිකානු තානාපති අතුල් කෙෂාප් මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය (10) වැනි දා මුණ ගැසිණි. එහිදී ඔහු ප්‍රකාශ කොට ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන්නේ නම් ඊට ඇමරිකාව සහ බටහිර රටවල් අකැමැති බවය.
ජූනි 12 වැනිදා ඒ බව වාර්තා කරන්නේ‘‘උදෑසන කිරණ‘‘ නමින් හඳුන්වන යාපනයේ පළ වන දෙමළ පුවත්පත්ක් විසිනි. පුවත්පත්ට අනුව ඔවුන් එම තොරතුරු ලබාගෙන ඇත්තේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග හරහා ඊට අනුව එම දෙදෙනා අතර හමුව විනාඩි 90 පුරා පවත්වා ඇති අතර එහිදී අතුල් කේෂාප් ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳ මතය ඉතා විවෘතව සහ සෘජුව පවසා ඇත.
එම මතය අනුව ඔවුන් අකමැතිවන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳව නොව ඔහු ශ්‍රී ලංකාවේ ජනපති වීම පිළිබඳවය.( එම පුවත පළවූ මූලාශ්‍රයට පහතින් පිවිසිය හැකිය)
වැඩි විස්තර දැනගැනීම සදහා විසෙන්න මූලාශ්‍ර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...