ඊයේ (06) කහටගස්දිගිලිය කුරුක්කුරාගම මුස්ලිම් ගම්මාන ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොළිස් නිලධාරීන්ට පිරිසක් විසින් පහර දී ඇති බව වාර්තාවේ.
අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ එම වැටලීමේදී හොරොයින් ග්‍රෑම් 27ක් සමග 18 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
පහරදීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
එසේම මේ වන විට පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාවන් 06 දෙනෙකු ඒ අතර වන බව පොලීසිය පවසයි.
සැකකරුවන් සහ සැකකාරියන් අද (07) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...