දේශීය පුවත්

ශ්‍රී ලංකන් ඈවරයි?

November 7, 2021 7:22 am | Lanka Lead News

දැනට අතිශය පාඩු ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලික අංශයට පැවරීමට රජයේ අවධානය යොමුව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යයන්තර ආරංචි මාර්ග පවසයි.

කෙසේ වුවද ශ්‍රී ලංකා ගුවන් සේවය සතුව අංශ 5ක් ඇති අතර ඉන් භූමි මෙහෙයුම් අංශය හා ගුවන් භාණ්ඩ අංශය ඇමරිකානු ඩොලර් මිලියන 100 ක පමණ ආදායමක් වසරකට ලබන බව පැවසේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් ගුවන් යානා ලීසිං ගෙවීම, ඉන්ධන වියදම සහ අනෙකුත් වියදම් බරපතළ ලෙස ඉහල යාම නිසා සේවාව පාඩු ලබමින් ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයට සම්බන්ධ ආරංචි මාර්ග පවසා සිටී.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් එක් ගුවන් යානාවක් සඳහා මසකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5-8 කටත් අතර ප්‍රමාණයක් ලීසිං වාරිකය ලෙස ගෙවීමට සිදු වන බව පවසන එම ආරංචි මාර්ග ගුවන් යානා මෙහෙයුම සඳහා වැයවෙන සමස්ත වියදමින් 25% ක් ඉන්ධන සඳහා දැරීමට සිදුවන බවද පැවසේ.

එආ අනුව රජයේ අවධානය යොමු වී ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව රටට විශාල බරක් වී ඇති නිසා රජයට යම් කොටස් ප්‍රමාණයක් රඳවා ගෙන ඉතිරිය පුද්ගලික අංශයට පැවරීමට බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසා සිටී.

ඒ අනුව එළැඹෙන 09 වන දා වන විට මේ සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ග පවසා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More