දේශීය පුවත්

මතභේදයට තුඩුදුන් චීන කාබනික පොහොර තොගය රැගත් නෞකාව බේරුවල සහ කළුතර අතර, මුහුදු ප්‍රදේශයේ ස්ථාන ගතව පවතින බව නෞකා ගමනාගමනය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන මැරින් ට්‍රැෆික් වෙබ් අඩවියේ දක්වා තිබෙනවා.

ඒ අදාළ, පොහොර තොගය මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට, හා එහි දේශීය නියෝජිතයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය තවදුරටත් දිර්ඝ කර ඇති පසුබිමකයි. මේ අතර, ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි සදහන් කලේ සම්පලවල හානිකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීම නිසා අදාළ සමාගමට කාබනික පොහොර තොග අනායනය සදහා බලපත්‍ර නිකුත් නොකල බවයි.

ඒ හේතුවෙන් අදාළ නෞකාවේ පොහොර තොගය මෙරටට ඇතුලු‍කර ගන්නේ නම් එය නීති විරෝධී බවයි ඔහු කියා සිටියේ. නෞකා ගමනාගමනය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන මැරින් ට්‍රැෆික් වෙබ් අඩවියේ සදහන් වුණේ අදාළ නෞකාව පස්වරු 4.30 ට කොළඹ වරායට ලගාවිමට නියමිත බවයි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අපකළ විමසීිමකදී වරාය පාලකවරයා හෙවත් හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා සදහන් කලේ එම නෞකාවට සැපයුම් ලබාගැනිම සඳහා කොළඹ වරාය වෙත පැමිණිය හැකි වුවත් එහි අඩංගු නීති විරෝධි හා හානිකර පොහොර තොගය මෙරටට ගොඩබෑමට අවසර හිමි නොවන බවයි.

එමෙන්ම සැපයුම් ලබා ගැනීමට හෝ නෞකාවක් වරායට ඇතුල් වන්නේ නම් දේශිය නියෝජිතයෙක් පත් කර නෞකාවේ පැමිණිම ලියාපදිංචි කර ඒ සඳහා වන ගෙවිම් සිදු කර නෞකාවේ ඇතුළත් අන්තරායකර භාණ්ඩ වාර්තා කර එහි සහතිකයත්, සෞඛ්‍ය සහතිකයත් ලබා ගැනීම අනිවාර්ය වනවා. එහෙත් මෙම නෞකාව එවැනි කිසිදු ක්‍රියාවලියක් මේ දක්වා සිදුකර නොමැති බවයි වරාය පාලකවරයා තහවුරු කළේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More