දේශීය පුවත්

1985 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවරට වැඩම කළ ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ප්‍රංශයේ ඡේතවන බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 2021 නොවැම්බර් මස 5 වැනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවේදී අපවත් වූයේය.

2021 ඔක්තෝම්බර් මස 31 ඉරු දින පැරිස් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම පැවැත් වූයේය. ඤාණිස්සර නාහිමියන් අවසන් වරට සහභාගි වූයේ එම කඨින පිංකමටය. එය උන්වහන්සේගේ අවසන් කඨින පිංකම වූයේය.

දීර්ඝ කාලයක් විදෙස් ගතව ධර්ම දූත සේවාවේ යෙදීම හේතු කොට අන්තර් ජාතිකව විශාල කීර්ති නාමයක් දිනා සිටි වයස අවුරුදු 76ක්වූ උන්වහන්සේ විසින්ක්‍රියාත්මක කර තිබූ දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව පිරි නැමීමේ උත්සවයකට සහභාගි වීමට ශ්‍රීලංකාවට වැඩම කල අවස්ථාවේදී හදිසියේ ඇතිවූ රෝගී තත්වයන් හේතු කොට රෝහල් ගත කිරීමෙන් අනතුරුව උන්වහන්සේගේ අපවත්වීම සිදුවී තිබේ.

දශක තුනකට අධික කාලයක් ප්‍රංශයේ වැඩ වාසය කරමින් චීන, වියට්නාම්, කාම්බෝජ, සිංහල, ප්‍රංශ, බංගලදේශ ආදී ජන වර්ගයන් එකට එකතු කොට ඔවුන්ගේ උදව් උපකාර තුලින් ආගමික සමාජීය, අධ්‍යාපනික යන ක්‍ෂේත්‍ර වලට සුවිසාල මෙහෙයක් සිදුකල උන්වහන්සේ ඒ තුලින් ශ්‍රීලංකාව තුල රෝහල් අදාාහනාගාර, අංග සම්පූර්ණ රෝහල් වාට්ටු, දුගී දුප්පත් ජනයා වෙනුවෙන් ගෙවල් දොරවල්, මෙන්ම අඩු ආදායම් ලාභී පවුල් වල දක්ෂ දරුවන්ට ශිෂ්‍යත්ව හා සලාකාදිය පිරිනමමින් ඉතා වටිනා සමාජ මෙහෙවරක් සිදුකල ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More