දේශීය පුවත්

ස්වාධීන රූපවාහිනියේ තුලාව වැඩසටහනට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය පවසා සිටියේ ගණිකා වෘත්තිය නීතිගත කරනවාට තමන් පෞදග්ලිකව කැමති බවයි.

එහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ මෙම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය තමන් කරන්නේ තම හෘද සාක්ෂිය අනුව බවත් කාන්තාවන් හැටියට ලිංගික වශයෙන් සූරාගෙන කෑමට ලක්වීමට තමන් විරුද්ධ බවත්ය.

තුලාව වැඩසටහනට සහභාගි වූ සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය පවසා සිටියේ තමන්ද කෝකිලා ගුණවර්ධණ මන්ත්‍රීවරියගේ අදහසට එකඟ බවත් අප රටේද රාත්‍රී ආර්ථිකය පන ගැන්වීමට ගණිකා වෘත්තිය ඉවහල් වන බවත් පවසා සිටියාය.

එලෙසම එම වැඩසටහනට සහභාගි වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය පවසා සිටියේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමට තමන්ද එකඟ බවත් කාන්තාවගේ සිරුරේ අයිතිය ඇයට තිබිය යුතුය යන අර්ථයෙන් තමන් ගණිකා වෘත්තිය නීතිගත කරනවාට එකඟ බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරණ ප්‍රධාන පක්ෂ තුනක මන්ත්‍රීවරියෝ ගණිකා වෘත්තිය නීතිගත කිරීමට එකඟ බවට එකම වේදිකාවක සිට  ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ විශේෂ අවස්ථාවක් ලෙස එම අවස්ථාව සැලකිය හැකි බව සමාජ විද්‍යාඥයෝ පෙන්වා දෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More