දේශීය පුවත්

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා සිය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීම දැනුම් දෙමින් ලිපි දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ(05) දිනයේ භාරදී ඇතැයි සමහර අන්තර්ජාල වෙබ් අඩවි පවසයි.

කෙසේ වුවද ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීමේ ලිපි භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි පැවසේ.

අලි සබ්‍රි මහතාගේ ඉල්ලා අස්වීමට හේතුව වන්නේ එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධුරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීමේ තීරණය බවද අමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග පවසයි.

රටේ නීති සකස් කිරීමට නිශ්චිත ආයතන තිබියදී මෙවන් කාර්ය සාධක බලකා හරහා නීති සකස් කිරීමට යාම අනවශ්‍ය ගැටලු ඇති කරන්නක් බව සබ්‍රි මහතාගේ අදහස බව සඳහන් කර අතර එම පත්කිරීම පිළිබඳව එතුමාගේ පැහැදීමක් නැති බවද ලිපි මගින් දන්වා ඇතැයි පැවසේ.

කෙසේ වුවද ජනාධිපතිවරයා අලි සබ්‍රි මහතාට පවසා ඇත්තේ මෙම බලකාය පත් කරන ලද්දේ තමාට උපදෙස් ලබා ගැනීමට මිස රටේ නීති සෑදිමට නොවන බවත් නීති සකස් කිරීමේ දී අනිවාර්යෙන්ම අධිකරණ ඇමතිගේ දායකත්වය ලබා ගන්නා බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බවද එම මාධ්‍යය වාර්තා පෙන්වා දේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More