සහල් ආනයනයකරුවන්ට සහල් කිලෝ ග්රෑම් එකක් සඳහා රුපියල් 64.75 ක බදු සහනයක් ලබාදීමේදී මුදල් අමාත්යවරයා විසින් සහල් බදු අඩු කළේ අමාත්යය මණ්ඩලයේ හෝ ජනාධිපතිතුමාගේ අනුමැතිය ලබාගෙන නොමැති බව වාර්තාවේ.
ඒ පිලිබඳව වෙළෙඳ අමාත්යය බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදු කළ ප්රකාශයක් මගින්ද තහවුරු වේ. ඊට අමතරව කෘෂිකර්ම අමාත්යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ තම අමාත්යයවරයාට ඒ පිළිබඳව දැනුවත් කිරීමක් සිදුවී නොමැති බව තමාට විශ්වාස බවයි.
ඒ අනුව සීනි බදු සහනය වංචාවක් බවට පත් වූවා මෙන්ම සහල් බදු සහනයද අවසානයේදී වංචාවක් බවට පත් විය හැකි බව එම නිලධාරිහු පවසා සිටිති.
ඊට අමතරව ජාවාරම්කරුවන් සහල් තොග රැස්කර වෙළෙඳ පොළ අවුල් අවුල් කළ විට අස්වනු නෙලන සමයේදී වී මිල පහත වැටීම නිසා රජය බරපතල අර්බූදයකට පත්වන බවද ඔවුහු අනාවැකි පලකරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්ය...
අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජනප්රිය රංගන ශිල්පී උද්දික ප්රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්රී ලංකාවට එවීමට...