දේශීය පුවත්

පසුගිය මස 25 වනදා “සූම්” තාක්ෂණය ඔස්සේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැති සංවාදයක දී සිරිල් ගාමිණි පියතුමන් විසින් දැක්වූ අදහස්වලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බව සඳහන් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් අපරාධ පරීක්ෂ්ණ දෙපාර්තමේඉන්තුවට කළ පැමිණිල්ල ප්‍රකාරව ප්‍රකාශයක් ලබා දීම සඳහා සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් එහි නිලධාරීන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇති බව ලංකා ලීඩ් උසාවි ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ඊයේ (05) මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැනුම් දී ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා පෙනී සිටින ලෙස අවස්ථා දෙකකදී දැනුම්දුන්නද මෙතෙක් සිරිල් ගාමිණී පියතුමන් පෙනී නොසිටි බවයි.

ඒ අනුව රාජ්‍ය නිලධාරියෙකුගේ කටයුතුවලට අවනත නොවීම තුළින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 164 සහ 174 වගන්ති ප්‍රකාරව වරදක් එම පියතුමා විසින් සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ වාර්තා කර සිටියේය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් නිලධාරීන්ට දැනුම් දුන්නේ රාජ්‍ය සේවකයෙකුගේ නියෝගයකට අවනත නොවීම සම්බන්ධයෙන් අදාළ පියතුමාට එරෙහිව විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසත් ඉන් අනතුරුව සුදුසු නියෝග ලබාදෙන බවත් මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වෙත දන්වා ඇති බවත් පැවසේ.

.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More