පුරවැසි කොලම

ඊයෙ(03) හවස බෙල්ජියන් රූපවාහිනී නාලිකාවක, ප්‍රශ්ණ විචාරාත්මක වැඩ සටහනකදි අහපු ප්‍රශ්ණයක් තමයි නාරිවේදයේ එහෙමත් නැත්නම් ජිනොකොලොජි හි පියා කවුද කියල.. තරුණියක් උත්තර දෙනව දොස්තර ජේම්ස් සිම්ස් කියල.
උත්තරය නිවැරදියි ..හැමෝම අත්පුඩි ගහනව.. තරුණ නිවේදකය හිනාවෙලා කියනව… නෝනාවරුනි ඔබලා අද මේ තරම් සැප පහසුවට ජීවත් වෙන්නේ මේ ශ්‍රේෂ්ඨ සිම්ස් දොස්තර මහත්තයාට ස්තුති වන්ත වෙන්න කියල.. හැමෝම හිනාවෙල අත්පුඩි ගහනව ආයෙත්.
මේ වෙලාවෙදි තමයි අහන්න හිතෙන්නෙ දොස්තර සිම්ස් නාරිවේදයේ පියා බව ඇත්ත නමුත් ඔය කියන තරම් ශ්‍රේෂ්ඨද කියල.
මේ මහත්තයා උපදින්නෙ 1813 ජනවාරි මාසෙ ඇමරිකා එක්සත් ජනපදයේ දකුනු කැරොලිනා පලාතෙ. ( James Marion Sims 1813- 18883)
පොහොසත් පවුලක ඉපදුනු මේ තරුණයා ඉගෙනීමට ඉතාම දක්ශයි. 1835 අවුරුද්ද වෙද්දි, වෛද්‍ය වරයෙක් විදිහට සුදුසුකම් ලබන මේ තරුණ වෛද්‍යවරයාගේ වැඩි අවධානය යොමු වෙන්නෙ කාන්තා රෝග සඳහා.
මේ කාලය වෙද්දි කාන්තාවන් හෝ කාන්තා රෝග සඳහා වෙනම විශේෂඥ්ඥ වෛද්‍යවරු නැහැ. හැම ලෙඩකටම වගේ ප්‍රථිකාර කරන්නෙ එකම වෛද්‍යවරයා විසින්.
1840 දි තමන්ගෙ බිරිඳ එක්ක සිම්ස් මහත්තයා පදිංචියට යනව ඇලබාමා පලාතට.
ඒ පලාතෙ අළුත් රෝහලක් පටන් ගන්න මේ මහත්තයා කාන්තා ලිංගේන්ද්‍රිය හා ඒ සම්භන්ධ රෝග… ඉන්ද්‍රියන් විකෘතිව පිහිටීම… ආබාධ සම්භන්ධයෙන් දිගින් දිගටම පර්‍යේශණ කරනව.. ඒ වගේම ප්‍රථිකාර කරනව.
1850 අවුරුද්ද වෙද්දි ඇමරිකා එක්සත් ජනපදය පුරාම සිම්ස් දොස්තර මහත්තයාගෙ කීර්තිය පැතිරෙනව.
සෑම ප්‍රදේශයකින් වගේම කාන්තාවන් සිම්ස් මහත්තයාගෙ රෝහලට එනව.. බොහෝ දෙනෙක්ට ඉතාම සාර්ථක විදිහට ප්‍රථිකාර ලැබෙනව.
විශේෂයෙන්ම උපතින්ම ලිංගේන්ද්‍රිය ආශ්‍රිත දුර්වලකම් සහිත කාන්තාවන් සැත්කම් මගින් සාර්ථකව සුව කරන්න මේ දොස්තර මහත්තයාට පුළුවන් වෙනව.
මේ සැත්කම් සඳහා ගන්න උපකරණ.. ආබාධ සඳහා පාවිච්චි කරන උපාංග හැම දෙයක්ම මේ මහත්තයාගෙම නිර්මාණ.
ඇලබාමා විශ්ව විද්‍යාලය 1849/50 වසර දෙකේදිම වසරේ වෛද්‍ය වරයා විදිහට නම් කරන්නෙ මේ දොස්තර මහත්තයාව.
නමුත් එක සිද්ධියක් වාර්ථා වෙනව 1849 අවුරුද්දෙ …එක කාන්තාවක්ගෙ ලිගේන්ද්‍ර ආශ්‍රිත සැත්කමක් නිර්වින්දන ඖෂධ රහිතව සිද්ධ කරා කියල.
ඒ කාලෙ පුවත් පතකට මේ කාන්තාව විස්තර කරනව ඒක කොයිතරම් නම් වේදනාත්මක සැත්කමක්ද කියල.
මේ සිද්ධියෙන් පස්සෙ සිම්ස් නිව් යෝක්-නගරයේ ප්‍රධාන රෝහලක රැකියාව භාර ගන්නව.
ඒ රෝහලේදීත් බොහෝ සාර්ථක සැත්කම්.. පරීක්ශණ සිම්ස් දොස්තර මහත්තයා සිදු කරනව. හැම වෛද්‍යවරයෙක්ම උපදෙස් ගන්නෙ සිම්ස්ගෙන්.. ඔහු තරම් මේ රෝග හා සැත්කම් පිලිබඳ විශේෂ දැනුමක් ඇති කෙනෙක් තවත් නැහැ.
නමුත් කොහොමද මේ මහත්තයා මෙච්චර කෙටි කලකින් මේ තරම් විශේෂ දැනුමක් ලබා ගත්තෙ.? මේ ගැන සමහර පත්තර වල ප්‍රශ්ණකාරී ලිපි පලවුනත් ඒ ලිපි වලට ඒ තරම් ප්‍රසිද්ධියක් ලැබෙන්නෙ නෑ.
ඒ ලිපි හරියට අද ලංකාවෙ ජල ගැලුම් නිම්නයේ හෝ සිංහරාජෙ කැලෑ කැපීම සම්භන්ධ ලිපි වගේ තමා. ටික දවසක් කතා කරල අමතක කරල දානව.
නමුත් මේ ඇත්තටම සිද්ධ වුණු දේ එලියට එන්නෙ 1880 දි ලියවෙන සම්පූර්ණ පත්තර වාර්ථාවකින්. නමුත් 1993 වෙනතෙක් මේ සිදුවීම් කවුරුත් අමතක කරල දානව පුරුදු විදිහට.
මේ ලිපිවලින් හෙලිකරන කාරණේ තමයි මේ දොස්තර මහත්තයේ මේ තරම් දක්ශයෙක් වුනේ අසරණ කළු ජාතික කාන්තාවන් තමන්ගෙ පර්‍යේශණ භාන්ඩ විදිහට යොදා ගන්නව කියන එක.
ඇමරිකා එක්සත් ජනපදයේ වහල් වෙළඳාම ගැන අපි මීට කලින් කතා කලා. ඇලබාමා ප්‍රාන්ථය කියන්නෙ කළු ජාතිකයන්ට ඉතාම පහත්ව සලකපු ප්‍රාන්ථයක්.
1846 -1850 කාලය තුල මේ දොස්තර මහත්තයා විසින් කළු ජාතික කාන්තාවන් විසි ගණනක් තමගෙ පර්‍යේශණ වලට බඳුන් කරල තියනව.
අමතක කරන්න එපා එයා කළු ජාතික කාන්තාවන්ගේ ලින්ගේන්ද්‍රීය සැත්කම් කරල තියෙන්නෙ හිරිවැට්ටවීමේ බෙහෙත් එහෙමත් නැත්නම් නිර්වින්දන රහිතව.
වහල් කාන්තාවන් හිමියන් විසින් මේ අයව දොස්තර මහත්තයාට භාර දෙනව එයාගෙ පර්‍යේශණ වලට යොදා ගන්න බොහොම අඩු ගාණකට.
දොස්තර සිම්ස් මහත්තයාගෙ සටහන් පොත්වල එයාගෙම අකුරින් ලියල තියනව කාන්තාවන් දොලොස් දෙනෙක් යොදාගෙන සිදු කරපු මේ අමානුශික පර්‍යේශණ ගැන.
අනාචා ..බෙට්සි සහ ලුසී ( Anarcha.. Betsy.. Lusy) කියන තරුණ කළු ජාතික කාන්තාවන් තුන්දෙනාගෙ සිද්ධීන් එක උදාහරණයක්.
මේ තුන්දෙනාම ෆිස්තුලා ( Fistula) කියන ආබාධ තත්වයෙන් පෙළෙන අය.
අනාචා ( අනාචා වෙස්ට්කෝට්) කියන තරුණියව තිස් වරක් සැත්කමට භාජනය කරල තියනව සාර්ථක ප්‍රථිඵ්ල ලබාගන්න කලින් .
ඔව් තිස් වරක් ..නිර්වින්දන බෙහෙත් පාවිච්චි කරන්නෙ නැතිව අවුරුදු තුනක් තුලදි.
බෙට්සි සහ ලුසීව තුන් හතර වරක්ම එකම සැත්කමටත්.. වෙනත් විවිධාකාර පර්‍යේශණ වලටත් පාවිච්චි කරල තියනව.
බෙට්සි පසුව ලියන ලද ලිපි වල තියෙන්නෙ “හැම වාරෙකම දැනුනු වේදනාවෙන් මම නොමැරී ඉතුරු වුණු එක පුදුමයක් “කියල.
1993 දී ඇලබාමා විශ්ව විද්‍යාලයේ ආචාර්‍යවරියක් වූ දුරෙන්දා ඔජෙනුගා ( Durrenda Ojanuga )විසින් ලියන පර්‍යේශණ ලිපියක මේ ගැන බොහොම පැහැදිලි විස්තරයක් තියනව සාක්ශි සහිතව.
දොස්තර සිම්ස් කළු ජාතික කාන්තාවන් තිස් ගණනක් අවුරුදු තුනක් තිස්සෙ පර්‍යේශණ වලට බඳුන් කරල තියනව. සැත්කම් කරල තියෙන්නෙ නිර්වින්දන ඖශධ රහිතව.. කාන්තාවන් වේදනාවෙන් කෑගහන එක වලක්වන්න කටේ කපු පුළුන් ඔබල.. හැඩි දැඩි පිරිමින් විසින් අතපය බලෙන් අල්ලන් ඉඳල තියෙනව.
ඒ එක්කම.. පසුව, සමහරෙක් අහපු ප්‍රශ්ණ වලට දොස්තර මහත්තයා උත්තර දීල තියෙන්නෙ..
“ඔව්.. මං නිර්වින්දන යොදා ගත්තෙ නෑ… එකක් ඒව මිළ අධිකයි..
අනිත් කාරණේ කළු ගැහැණුන්ට ඒ තරම් වේදනවාක් දැනෙන්නෙ නෑ ස්වාභාවිකවම.”
“මොනව වුනත් අන්තිමට ඒ ඔක්කොගෙම ලෙඩ මම හොඳ කරා.”
දුරෙන්දාගෙ පර්‍යේශණ ලිපිය ලෝකෙ පුරාම කතා භහට ලක්වෙනව.
ලෝක වෛද්‍ය සභාව දොස්තර සිම්ස්ගෙ පර්‍යේශණ ක්‍රම අමානුශිකයි වගේම වෛද්‍ය විද්‍යාවේ නීති රීති වලට පටහැනියි කියල ප්‍රසිද්ධියේම ප්‍රකාශ නිකුත් කරනව.
අවසානයේදී ඇලබාම විශ්ව විදාල භූමියේම විශාල ප්‍රථිමා තුනක් විවෘත්ත වෙනව. ඒ අමතක කරල දාපු අනාර්චා.. බෙස්ටී සහ ලුසී වෙනුවෙන් වගේම “දත්මිටි කාගෙන වේදනාව ඉවසපු සියළුම කළු ජාතික කාන්තාවන් වෙනුවෙන්.”
ඒ ප්‍රථිමාවේ නම “නාරිවේදයේ මව්වරු..”
“The Mothers of the Gynecology “
කවද හරි කෙනෙක් ප්‍රශ්ණ කරොත් “නාරිවේදයේ පියා කවුද ?
කියල මම දෙන උත්තරේ-
“පියා නෙමේ.. නාරිවේදයේ මව්වරු තුන්දෙනෙක් ඉන්නෙ”
“ඒ තමයි අනාර්චා බෙස්ටී හා ලුසී..”
මේ ලිපියේ අරමුණ කළු සුදු භේදය ඇවිස්සීම නෙවේ..
කවද හෝ අසාධාරණයට ලක්වුණු කෙනෙක් ඉන්නව නම් ඒ අයව අමතක නොකරන එකත්.. කොයි තරම් කාලයක් ගියත් දොරෙන්දා වගේ ඒ ගැන ප්‍රශ්ණ කරන එකත් සාධාරණ පිලිතුරක් ලැබෙන තුරු.
මේ දොස්තර මහත්තයත් බිජු හීනතා දුර්වලතාවයට තවත් සාක්ශියක්ද කියල සාධාරන සැකයක් දැනෙනව..
අතීතය පුරාම මේ තරම් අඩන්තේට්ටම් වලට ලක්වුණු කාන්තාවන් සමහරක් රටවල නිදහස භුක්ති විඳිනව.. ඒත් විසි එක් වෙනි සියවස වෙලත් තවත් රටවල මේ කාන්තාවන් මහණුන්.. රදළයන්.. ධනවතුන් හා දේශපාලකයින් අතින් හිංසාවන්ටත් .. නින්දාවන්ටත් ලක්වෙනව.
මේ පොඩි ලියමන ඒ හැම දෙනාම වෙනුවෙන්.

මුහුණු පොතෙන් උපුටා ගන්නා ලද්දකි…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More