ඊයේ පැවැති මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසා සිටියේ ලිට්‍රෝ ආයතනයට දැනට ගෑස් සපයන සමාගමේ තර්ජනයන්ට යටවී ගෑස් මිලදී ගැනීමේ ගිවිසුම තවත් වසර දෙකකට දීර්ඝකිරීමට සිදුවූයේ නම් රුපියල් බිලියන 10ක පාඩුවක් සිදුවීමට ඉඩ තිබූ බවයි.
එහිදී තෙෂාර ජයසිංහ මහතා පවසා සිටියේ හිටපු සභාපතිවරයා අත්සන් කළ ගිවිසුම නිසා ජාත්‍යන්තරයෙන් අඩු මුදලට ගෑස් මිලදී ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.
” එක කණ්ඩායමකට හැරෙන්න වෙනත් කිසිම් කෙනෙකුට ශ්‍රී ලංකාවේ ගෑස් වෙළෙඳ පොළට ඇතුල්වෙන්න දෙන්නේ නැහ. මේ අයට පක්ෂ ආණ්ඩු අදාළ නැහැ. හොරු කියන්නේ එක කණ්ඩායමක්. හොරුත් එක්ක සියලු දෙනාම ඉන්නවා. ඒක නිසා වැඩ කරන මිනිස්සුන්ට වැඩ කරන්න දෙන්නේ නැහැ. පසුගිය 28 සිට මේ මස 01 වැනිදා දක්වා ගෑස් නිකුත් කරන්න බැරි වුණා. අපේ ප්ලාන්ට් එක වහන්න වුණා. ගෑස් පොඩ්ඩක්වත් අපි ළඟ තිබුණේ නැහැ. හේතුව, ගෑස් නැව වරායට ඇවිල්ලා තියෙද්දි ඔවුන් අපිට තර්ජනය කළා, ගෑස් දෙන්න බෑ…මේ කොන්ත්‍රාත්තුව තව අවුරුදු දෙකකට දීර්ඝ කරන්නේ නැත්නම් කියලා. එයට අකමැතිවීම නිසාත් සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය බිත්තියට හේත්තු කිරීම නිසාත් මට සිද්ධ වුණා ජනපතිතුමාගේ උපදෙස් ලැබෙනකම් ඉන්න. මේකට සම්බන්ධ වු පිරිසට ඕන වුණා මගේ අත්සනින් කොන්ත්‍රාත්තුව දීර්ඝ කරගන්න. මේ කොන්ත්‍රාත්තුව නිසා රටට නැතිවෙන සමස්ත මුදල ආසන්න වශයෙන් බිලියන 10ක් විතර වෙනවා.එවැනි මුදලක් කවුරුහරි කෙනෙක්ගේ අතට යනවා. ගිහින් නම් ඒක අතීතයෙත් සිද්ධ වුණානම් ඒ ලැබිච්ච අය සහ ලැබෙනකම් බලන් ඉන්න අය මටත් ලේසියෙන් ඉන්න දෙන එකක් නෑ. ඒකට අපි බය නැහැ. මේකෙදි ජනපති හා මහබැංකු අධිපති මැදිහත්වුණා, අවසන් වශයෙන් ලැබුණු නැව නිදහස් කරගන්න. ඒ නිසා පෙර පරිදි අපි නිෂ්පාදන කටයුතු ආරම්භ කළා. මේ ගැන කලින් කියන්න බැරිවුණ එක ගැන කනගාටුයි. හැබැයි මම සතුටු වෙනවා හොරකම වෙන්න දීලා කියනවාට වඩා හොරකම නවත්තන්න පුළුවන් වුණ එක ගැන.
එහිදී මාධ්‍යවේදියෙකු නැගූ මෙම ගිවිසුඅම් අත්සන් කළේ කවුද් යන පැනයට පිළිතුරු දෙමින්
” අත්සන් කරලා තියෙන්නේ 2020.02.28 වැනිදා. දැන් පවතින කොන්ත්‍රාත්තුව අවුරුදු 2ක් තියෙනවා. කල් ඉකුත් වෙන්නේ 2022.02.28.” යනුවෙන් පවසා සිටියේය.
මාධ්‍යවේදියෙක් – මේක ගිවිසුම්ගත වෙච්ච පුද්ගලයෝ කරපු වැඩක් ද?
තෙෂාර ජයසිංහ මහතා – මෙවැනි කොන්ත්‍රාත්තුවකින් වරප්‍රසාද ලබන අය ඉන්නවා. ලෝක වෙළෙඳපොළෙන් මීට වඩා අඩුවට, ඩොලර් 50 සිට ඩොලර් 200 දක්වා අඩුවට ලංසු ලබාගන්න පුළුවන්. දැනට වඩා ඩොලර් 100ක් අඩුවෙන් ගෑස් ලබාදෙන සමාගමක් සමග අපි කෙටි කාලීන ගිවිසුමකට එළඹිලා තියෙනවා. වැඩි මිලට ගන්නකොට ලාභයක් ලැබෙන තැනක් ඇති.
මාධ්‍යවේදියෙක් – ඒ කියන්නේ ඔබතුමාට පෙර හිටපු සභාපතිතුමාගේ කාලේ ගිවිසුම්ගතවීමත් එක්ක තමයි මේ වංචාකාරී ක්‍රියාව සිද්ධ වෙන්නේ ?
තෙෂාර ජයසිංහ මහතා – දැන් ක්‍රියාත්මක ගිවිසුමට එළඹිලා තියෙන්නේ 2020 මාර්තුවල. ඒ මට කලින් හිටපු සභාපතිවරයාගේ කාලේ.
මාධ්‍යවේදියෙක් – ඔබතුමත් මේ ආණ්ඩුවෙන්. එතුමත් මේ ආණ්ඩුවෙන් පත්වෙච්ච අය. හොරකම් කරන්නනේ මේ පත්වීම් දීලා තියෙන්නේ?
තෙෂාර ජයසිංහ මහතා – ජනාධිපතිතුමා මාව පත් කළේ ජනතාවට සේවයක් කරන්න. පසුගිය අවුරුදු 10ම අඩු මිලට අරගෙන නැහැ.
මාධ්‍යවේදියෙක් – දැන් ඔබතුමාලා ඔය සමාගම් දණ ගස්සවන්න ගිහිල්ලා අන්තිමේදි අර චීන පොහොර නැව ඇවිල්ලා මහජන බැංකුවට වෙච්ච දේ වගේ බ්ලැක් ලිස්ට් වුණොත්?
තෙෂාර ජයසිංහ මහතා – මං එයාලව බ්ලැක් ලිස්ට් කරන්න ඉඩ තියෙනවා. ඒ අයට අපිව බ්ලැක් ලිස්ට් කරන්න බෑ. අපි විසින් ඔවුන්ගෙන් අඩුවෙන්ම මිලදී ගතයුතු කියන ප්‍රමාණය අතිශයින්ම මාසික අවශ්‍යතාවට සමානයි. පසුගිය කාලයේ මම වැඩභාර ගැනීමත් සමඟම ලාෆ් සමාගම ගෑස් නිකුත් කිරීම නැවැත්තුවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...