සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සහ එම ප්‍රදේශයේ පදිංචි ධීවරයෙකු වන කේ. එස්. එන්. ප්‍රනාන්දු විසින් මුතුරාජවෙල තෙත්බිම පරිසර සංවේදී කලාපයක් වශයෙන් නම්කර එය “රැම්සා” තෙත්බිමක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.
පෙත්සම්කරුවන් විසින්,අගමැති මහින්ද රාජපක්ෂ මහතා, රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශ ලේකම්වරයා, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා, වත්තල, මීගමුව, ජා-ඇළ ප්‍රාදේශීය ලේකම්වරු, නීතිපතිවරයා ඇතුළු 14 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇතැයි පැවසේ.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ඉකුත් ඔක්තෝබර් මස 07 වනදා ජනාධිපතිවරයා විසින් නිකුත් කළ 2248/ 44 දරණ ගැසට් නිවේදනය මගින් මුතුරාජවෙල පාරිසරික සංවේදී කලාපයේ පිහිටි ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන ඒවා “රැම්සා” තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීමට අවසර ලබාදී ඇති බවය.
රැම්සා තෙත්බිම සංවර්ධනය කිරීමේ කාර්යය නාගරික සංවර්ධන අධිකාරියට ඉටු කළ නොහැකි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් එය සිදු කළ යුත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ බව සඳහන් කරයි.
රැම්සා තෙත්බිමක් නම් කළ පසු ඊට මහජනතාව ඇතුළුවීම තහනම් කෙරෙන අතර මේ හරහා අදාළ ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ ජීවන කටයුතුවලට දැඩි අගතියක් සිදුවිය හැකි බව පෙත්සම්කරුවන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
ඒ අනුව නීතිවිරෝධී ගැසට් නිවේදනයක් මාර්ගයෙන් මුතුරාජවෙල පාරිසරික සංවේදී කලාපයේ ඉඩම් පවරා ගැනීමට ගෙන තිබෙන තීරණය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ස්ථාපිත කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි.
එමෙන්ම නීතිය ඉදිරියේ බලාත්මක නොවන අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් එම ගැසට් නිවේදනය පදනම් කරගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...