අධිකරණ ඇමති අලි සබ්රි මහතා, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගේ සභාපතිත්වයෙන් යුතුව පත් කරන ලද ‘එක රටක් එක නීතියක්’ සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇති බව වාර්තාවේ.
එහෙත් ජනාධිපතිවරයා සහ අධිකරණ ඇමතිවරයා හමුවන දිනය කවදාද යන්න නිෂ්චිත නැති බව එම වාර්තා වැඩිදුරටත් පවසා සිටී.
කෙසේ වුවද එක රටක් එක නීතියක් කාර්ය සාධක බලකාය විසින් කෙටුම්පතක් සකස් කර එළඹෙන පෙබරවාරි මාසය වන විට අවසන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් අලි සබිරි මහතා කලකිරීමට පත්ව ඇති බවද පැවසේ.
අලි සබ්‍රි මහතාට සමීප ආරංචි මාර්ග පවසා සිටින්නේ එම බලකාය පත් කිරීම සම්බන්ධයෙන් අලි සබ්රි මහතාගෙන් උපදෙස් ලබා නොගත් බවයි.
‘එක රටක් එක නීතියක්’ සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය සම්බන්ධයෙන් මුස්ලිම් ආගමික නායකයන් විසින් එල්ල කරන පීඩනය මත අධිකරණ අමාත්‍යවරයා ධුරයෙන් අස්වීමට සූදානමින් ඇති බවට වාර්තා විය. කෙසේ වුවද ඔහු මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර නැති බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...