පොදු ජන එක්සත් පෙරමුණේ 5 වන සංවත්සර මහ සමුළුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් බොහෝ පාර්ශව ප්‍රසාදයෙන් යුක්තව කථා කරණ අතර ඒ සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.
ඒ සම්බන්ධව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේම වචනයෙන්,
“මහින්ද රාජපක්ෂ කියන්නේ පරිනත දේශපාලඥයෙක් වගේම හොඳ මනුස්සයෙක්.ඔහු රටේ දේශපාලන දේහයේ නාඩි හොඳින් හඳුනාගන්න පුළුවන් දක්ෂ හෙළ වෙද මහත්තයෙක්.අපි ඔහු බලයේ සිටියදීත් ඔහුගේ බලයට අපි ගරු කළේ නැහැ. නමුත් ඔහුගේ උසස් මනුස්ස ගුණාංග වලට අපි ගරු කළා,ආදරය කළා.ඒ ගෞරවය ආදරය අදත් රැක ගන්න සමත් වෙලා තිබෙනවා. එදා ඔහුව දේශපාලන වශයෙන් විනාශ කළ අයම තමයි අද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් විනය කටින්නේ. වසර 30ක් තිස්සේ සේවය කරණ ආර්ථික ඝාතකයා පෙන්ෂන් යවනවානම් බැසිල් රාජපක්ෂ මහතා තමන්ගේ අයියාගෙන් ඉගෙන ගන්නවානම් තවමත් ආණ්ඩුවට ඉඩක් තියෙනවා.නමුත් එහෙම වෙන්නේ නැහැ.දැන් සහල් ආනයන බදු අඩු කරල ජාවාරම්කරුවන්ට බදු මුදල් ගසාකන්න ඉඩ දෙනවා.ඊට කලින් සීනි ජාවාරම්කරුවන්ට රුපියල් මිලියන 15,000ක බදු සහන දුන්නා.ආණ්ඩුවට ලබන ඡන්දෙදි ගොවියන් ලක්ෂ 40කගේ ඡන්ද අහිමි වෙනවා.කොමිස් වලින් ඡන්ද මිලදී ගන්න ලැබෙන්නේ නැහැ.ඕනෑම පවුලක පවුලේ නම පවා නැති කරල දාන්න පුළුවන් එක් අයෙක් හරි ඉන්නවා. තිත්ත උනත් ඇත්ත ඒකයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...