යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් අමෙරිකානු සමාගමකට ලබාදීමට ගෙන ඇති තීරණය ඇතුලු ජාතික සම්පත් විකිණීමට එරෙහිව ඊයේ(3) පැවති විරෝධතාවට එක් වෙමින් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සංධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් මහතා , ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් ඕනෑම මොහොතක වැඩ වර්ජනයකට සූදානම් බව ආණ්ඩුවට පෙන්වා දුන්නා යැයි පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ යුගදනවි බලාගාරයේ කොටස් විකිණීමට එරෙහිව ඒකාබද්ධ වැඩ වර්ජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ලබන 05 වනදා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කරන බවයි.
මේ අතර,කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අයිතියෙන් සියයට 40ක ප්‍රමාණයක් ඇමරිකානු සමාගමකට විකිණීමට එරෙහිව තෙල්, විදුලිය සහ වරාය සේවකයින් ස්ථාන කිහිපයකදී විරෝධතා පැවැත්වූහ.
එම ස්ථාන අතර ලංකා විදුලි බල මණ්ඩලයේ මූලස්ථානය ඉදිරිපිට, කොළඹ කොටුව ඛාන් ඔරලෝසු කණූව ඉදිරිපිට කොළොන්නාව තෙල් සංස්ථා නිමාව ඉදිරිපිටදී සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටදී පැවැත්වූ විරෝධතා කැපී පෙනුණු බව අප වාර්තාකරුවෝ පවසති.
කොළඹ කොටුව ලංවිම මූලස්ථානය ඉදිරිපිටට පැවැති විරෝධතාවයට ලංකා විදුලි සේවක සංගමය, ලංවිම වෘත්තීය සමිති සහ ලංවිම ඉංජිනේරු සංගමය යන සමිති නියෝජනය කරමින් විදුලි සේවකයින් විශාල පිරිසක් එක්වූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...