දේශීය පුවත්

ජනාධිපති මාධ්‍ය පැවැති මාධ්‍ය ඒකකය කැඳවා තිබූ මාධ්‍යය හමුවකට සහභාගි වෙමින් ලංකා විදුලිබල මණ්ඩලය සභාපති එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පවසා සිටියේ යුගදනවි බලාගාරයේ 40%ක කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් වූ ගිවිසුමේ මූලික එකඟතාවය අත්සන් කරන ලද්දේ රාත්‍රී 11 පසුව බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ පස්වරු 4 ට අදාළ ගිවිසුම අත්සන් කිරීමට සූදානම් කර තිබුණත් නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලබාගැනීමේදී රාත්‍රී 7 පසුවූ බවයි.

” ගිවිසුම අත්සන් තැබීම සඳහා ඇමරිකාවෙන් පැමිණ සිටි නිලධාරියා ඊලඟ ගුවන් යානයෙන් පිටත්ව යාම සඳහා බෑග් පවා සූදානම් කරගෙන පැමිණ සිටි නිසා රාත්‍රි එකොළහත් පසුවී ගිවිසුම අත්සන් කරන්නට සිදු වූවා.”

මාධ්‍ය හමුව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

—–

යුගදනවි ආයෝජනය රටට ලැබුණු අනඟි අවස්ථාවක් බැවින් එය ප්‍රයෝජනයට ගැනීම සඳහා කෙටි කාලීන ගැටලු අමතක කර දීර්ඝ කාලීන ප්‍රතිලාභ දෙස බැලිය යුතු බව විදුලිබල ක්ෂේත්‍රයේ බලධාරීහු පෙන්වා දෙති.

රටේ විදුලි සැපයුම 95%ක් ඉක්මවා සම්පූර්ණ කර ඇති බැවින් ජනතා විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට අඩු පිරිවැය බලාගාර ඉදි කළ යුතු බවත් එසේ නොවුණහොත් විදුලි බිල ඉහළ යාම වැළැක්විය නොහැකි බවත් විදුලිබල ක්ෂේත්‍රයේ බලධාරීහු කියා සිටිති.

අලුත් සංකල්ප, අලුත් තාක්ෂණය සමග අතරමැදි බලශක්ති ප්‍රභවයන්ට යා යුතු බව අනිවාර්ය සාධකයක් වී ඇති බවත්, LNG විදුලි උත්පාදනය අඩු පිරිවැය සහිත පරිසර හිතකාමී ක්‍රමයක් බැවින් යුගදනවි බලාගාරයේ සිදු වීමට නියමිත පරිවර්තනය, රටේ ජනතාවට වාසිදායක සේම ආණ්ඩුවට ලාභදායී ව්‍යාපෘතියක් බවත් ඔවුහු පෙන්වා දෙති.

අද (03) පස්වරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් බලධාරීහු මේ බව කියා සිටියහ.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් “යුගදනවි ව්‍යාපෘතියේ ඇත්ත කතාව” තේමා කරගනිමින් අද මාධ්‍ය හමුව මෙහෙයවනු ලැබිණ.

දෛනික විදුලි අවශ්‍යතාව සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතී. එක් විදුලි ඒකකයක නිෂ්පාදන පිරිවැය රුපියල්
23 – 24 දක්වා වැඩි වී තිබේ. එසේ වුවද රජය විදුලි පාරිභෝගිකයාට විදුලි ඒකකයක් සපයනු ලබන්නේ රුපියල් 16.65කට බව විදුලිබල මණ්ඩලයේ සභාපති, එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පැවසීය.

දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා වෙමින් තිබූ විදුලි ජනන ව්‍යාපෘති රාශියක් විවිධ හේතූන් නිසා රටට අහිමි වූ බවත් අඛණ්ඩව විදුලි සැපයීම සඳහා විදුලි ජනනය ඉහළ නැංවීම අනිවාර්යය සාධකයක් බවත් සභාපතිවරයා කියා සිටියේය.

යුගදනවි ආයෝජන ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමෙන් දේශීය විදේශීය කර්මාන්තකරුවාට අඩු පිරිවැයකින් විදුලි පරිභෝජනයට අවස්ථාව හිමිවන බව ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති, නීතිඥ අතුල ද සිල්වා මහතා පැවසීය.

වසරකට විදුලිය ඒකක මිලියන 40,000ක් සමස්ත විදුලි පරිභෝජනයට අවශ්‍ය බවත්, එම ඒකක ප්‍රමාණය අඩු පිරිවැයකින් ජනනය කිරීමෙන් පමණක් ජනතාවට සහන මිලට විදුලිය ලබාගැනීමේ අවස්ථාව හිමි වන බවත් විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග මහතා පෙන්වා දුන්නේය.

යුදගනවි බලාගාරයේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳ වෘත්තීය සමිති නායකයන් බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වූවා දැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් එම්.ආර්. රණතුංග මහතා කියා සිටියේ කිසිදු අවස්ථාවක කිසිම වෘත්තීය සමිතියක් සාකච්ඡාවකට ඉල්ලීම් නොකළ බව ය. ඕනෑම අවස්ථාවක තමා ඇතුළු බලධාරීන් යුගදනවි ව්‍යාපෘතිය පිළිබඳ වන තාක්ෂණික ක්‍රියාදාමය සහ ප්‍රතිලාභ පිළිබඳ පැහැදිලි කිරීමට සූදානම් බවත් ය.

ඉදිරියේ දී රට තුළ විදුලි කප්පාදුවකට ඉඩක් පවතී දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ සමහර කණ්ඩායම් ජනතාව බිය වැද්දීමට කරන ප්‍රකාශ නොසලකා හරින ලෙසත් අඛණ්ඩ විදුලි සැපයීමකට බොහෝ වෘත්තීය සමිති සහාය පළ කර ඇති බවත් ය.

විදුලිබල මණ්ඩලයේ අතිරේක ලේකම්, ආචාර්ය සුසන්ත පෙරේරා ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.

– ජනාධිපති මාධ්‍ය අංශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More