දේශීය පුවත්

පොහොට්ටුව පක්ෂයේ ආරම්භක සභාපති ලෙස කටයුතු කළ ඇමැති ජී. එල්. පීරිස්ද බලවත් සිත් තැවුලට ලක්ව ඇති බව ආරංචි මාර්ග කියයි. මීට හේතුවී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ක්‍රියාකලාපය බවද කියවේ.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන්නේ අද්මිරාල් ජයන්ත කොළඹගේය. ජී. එල්. හා කොළඹ ගේ ගැටුම කරළියට පැමිණ ඇත්තේ මීට දවස් දෙක තුනකට පෙරය. ජනාධිපතිවරයා ස්කොට්ලන්තයට යාමට පෙර ඒ වැඩ කටයුතු සූදානම් කිරීමට ජී. එල්. ලන්ඩන් නුවර බල පිටත් වී ඇත. ජී. එල්. මෙම ගමනට ඔහුගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ අයෙක් වූ ගම්ලත් නැමැත්තකුද සහභාගී කරගෙන ඇත.

නමුත් ලන්ඩන් සිට ස්කොට්ලන්තය බලා යන කණ්ඩායමෙන් ගම්ලත්ගේ නම ඉවත් කර ඇත. ඇමැතිගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ කෙනෙක් රැගෙන යාමට දෙන්න බෑ කියා අද්මිරාල් දුන් නියෝගයකට අනුව ගම්ලත්ගේ නම කැපී ඇති බව කියවේ.

නමුත් ඇමැති ජි .එල්. ගම්ලත්ව ස්කොට්ලන්තය බලා රැගෙන ගොස් ඇත. ‘‘අඩුම ගානේ වයස ගැනවත් හිතන්න තිබුණා. බෑග් එකවත් අරගෙන යන්න කෙනෙක් ගෙනිච්චාම මොකද වෙන්නේ ‘‘ කියා මේ වන විට ඇමැතිවරයාට හිතවත් අමත්‍යංශයේ අය කතාබහ වන බව ආරංචි මාර්ග කියයි.

එකී ආරංචි මාර්ගම වැඩි දුරටත් පවසන්නේ ඇමැතිට පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අය ගෙනියන්න බෑ කියන අද්මිරල් පසු ගිය දිනක මොස්කවු හී කළ සංචාරයට තමන්ගේ පෞද්ගලිකකාර්ය මණ්ඩලයේ අයෙක් රැගෙන ගිය බවයි. මෙලෙස අමාත්‍යංශ ලේකම්වරයෙක් තමන්ගේ බෑග් එක උස්සගෙන යාමට සහයකයෙක් රැගෙන ගියේ ප්‍රථම වතාවට බවත් කියයි.

මේ දෙදෙනාගේ ගැටුමේ උච්චතම අවස්ථාව උදාවී ඇත්තේ‍ ජනාධිපතිවරයා සිය දේශනය කිරීමට යන විටදීය. දේශනය සඳහා ජනාධිපති සමග ඇතුළට යන්න දෙන්නේ එක් අයකුට පමණි. ‍අද්මිරාල් එතැනදීත් ජී. එල්. ගේ නම කපා ලලිත් වීරතුංගගේ නම දමා ඇත. කෝපය ඉහ වහ ගිය ජී .එල්. බැරිම තැන කෙලින්ම බැසිල්ට ඇමැතුමක් දී සියල්ල මුල සිට කියා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More