දේශීය පුවත්

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් හිටපු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ගොනුකර තිබූ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර අති බව වාර්තාවේ.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කරනු ලැබීය.

පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා වශයෙන් පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 35 වන වගන්තිය ප්‍රකාරව එම පත්වීම අභියෝගයට ලක් කරමින් රිට් ආඥාවක් නිකුත් කළ නොහැකි බවට මූලික විරෝධතා මතුකළ බව වාර්තා වේ.

නීතිපතිවරයා විසින් මෙම විරෝධතාවයට අමතරව තවත් මූලික විරෝධතා කීපයක් ද ඉදිරිපත් කකළ බවද අපගේ අධිකරණ වාර්තාකරු පවසයි.

ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් තීරණය ප්‍රකාශය ට පත්කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, නීතිපතිවරයා විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතා අධිකරණය විසින් පිළිගන්නා බවත් බැලූ බැල්මටම නඩු නිමිත්තක් ස්ථාපිත කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති හෙයින් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කර ඇති බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More