දේශීය පුවත්

කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපති පදවිය සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම සම්බන්ධව මුල්ම විරෝධතාවය මතු වී තිබේ.

එම විරෝධය මතුවන්නේ කොළඹ විශ්විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයෙනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් මහා ශිෂ්‍ය සංගමය කියා සිටින්නේ විශ්වවිද්‍යාලයේ ගෞරවයේ සංකේතය වන්නේ කුලපති තනතුර බවත් එවැනි උත්තරීතර තනතුරක් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව සිදුවන දේශපාලන පත්වීමක් නොවිය යුතු බවත්ය.

මේ පත්වීම සමස්ථ ශිෂ්‍ය ප්‍රජාවම දැඩි ලෙස හෙළා දකින බව මහා ශිෂ්‍ය සංගමය ජනපති වෙත දන්වා සිටී.

එම නිවේදනය මෙසේය.

”ඕනෑම විශ්වවිද්‍යාලයක ඉතාමත් ගෞරවනීය ම සහ උත්තරීතර ම පදවිය ලෙස හඳුන්වනු ලබන්නේ විශ්වවිද්‍යාලයේ කුලපති තනතුරයි.කුලපති තනතුර සඳහා ව්‍යවස්ථාපිත පරිපාලන බලතල කිසිවක් නොමැති වුවද විශ්වවිද්‍යාලයේ ගෞරවයේ සංකේතය වන්නේ කුලපති තනතුරයි. විශේෂයෙන්ම උපාධි ප්‍රධානෝත්සවයේදී උපාධිය පිරිනැමීම ඇතුළු ගෞරවනීය අවස්ථාවන්හි දී කුලපති හරහා විශ්වවිද්‍යාලය නියෝජනය වන්නේ එම නිසාය.කෙසේ නමුත් කොළඹ විශ්වවිද්‍යාලයේ මීළඟ කුලපති තනතුරු සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රජය විසින් පත්කොට ඇත.නමුත් කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ ශිෂ්‍ය ප්‍රජාව ලෙස එම පත් කිරීම සඳහා අප එකහෙළා අපගේ විරුද්ධත්වය ප්‍රකාශ කර සිටින්නෙමු.මන්ද විශ්වවිද්‍යාලයක කුලපති තනතුරු යනු කිසිදු විටක දේශපාලන පත් කිරීමක් හෝ දේශපාලන න්‍යාය පත්‍රය අනුව සිදු නොවිය යුතු බව අප විශ්වාස කරන බැවිනි.තවද විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ ස්වාධීනත්වයක් ගෞරවයත් ආරක්ෂා වන්නේ එම තත්ත්වය තුළ ය. නමුත් විශ්වවිද්‍යාලයේ කුලපති තනතුරට දේශපාලනික පත්කිරීමක් සිදුකිරිම තුළ විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ ස්වාධීනත්වයත්, විශ්වවිද්‍යාලයේ ගෞරවයක් යන දෙකම විනාශ වී යා හැකි බවට අප විශ්වාස කරන්නෙමු.එබැවින් විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ කීර්තිමත් ඉතිහාසයක් සහ වර්තමානයේ ද කීර්තිමත් විශ්වවිද්‍යාලයක්වන කොළඹ විශ්වවිද්‍යාලයට මෙම දේශපාලන පත් කිරීම සිදුකිරීම සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමය ලෙසත් සමස්ත සිසු ප්‍රජාව වෙනුවෙනුත් අපගේ දැඩි විරෝධය ප්‍රකාශ කර සිටින්නෙමු”.

මහා ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More