අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව මත, වහා ම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (2) සිට ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු ම සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් විසින් මෙම මස සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවට විදුලිබල මණ්ඩල කළමනාකාරීත්වය වෙත තොරතුරු ලැබී ඇති නිසා රටට අඛණ්ඩව විදුලිය සැපයීම ලංකා විදුලිබල මණ්ඩලය සතු ජාතික වගකීමක් බැවින් එම සේවා අවශ්‍යතාව සලකා බලා මෙම චක්‍රලේඛය නිකුත් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
මෙම චක්‍රලේඛය නිකුත් කළ ද අත්‍යවශ්‍ය හදිසි අවස්ථාවලදී අදාළ ශාඛාවට හෝ අදාළ අංශයට අනුයුක්ත පළමු වන පන්තියේ හෝ ඊට ඉහළ විධායක නිලධාරියෙකුගේ අනුමැතිය මත පමණක් විදුලිබල සේවකයන්ට නිවාඩු ලබාදිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර ඇත.
මේ අතර ඇතැම් වෘත්තීය සමිති තර්ජන කළ ද අද (බදාදා) විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ඊයේ රාත්‍රියේ ප්‍රධාන පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.
අද දිනයේ දී විදුලි සැපයුමට අදාළ මෙහෙයුම් කටයුතු සාමකාමීව සිදුකරන බවට විදුලිබල වෘත්තීය සමිති බොහොමයක් සහතික වී ඇති බව ද ඔහු කියා සිටියේය.
විදුලිබල අංශයේ ප්‍රධාන සේවකයින් වැඩ නතර කළහොත් විදුලිය සුමටව සැපයීමට පියවර ගෙන තිබේදැයි විමසූ විට, අවශ්‍ය පූර්වාරක්ෂාවන් ක්‍රියාත්මක බව අමාත්‍යවරයා සහතික විය.
විදුලිබල සැපයුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාවයක් නොමැති නිසා හමුදාව සීරුවෙන් තබා නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...