දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2021 තෙවන කාර්තුව තුළදී මූල්‍ය ආයතන වල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා පරිපාලනමය දණ්ඩන පනවා ඇති බව වාර්තාවේ.

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල ප්‍රකාරව , මහ බැංකුව මෙම මූල්‍යමය දණ්ඩනයක් පනවා ඇති බව වාර්තාවේ.

2021 ජූලි 01 සිට 2021 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ මහ බැංකුව විසින් එකතු කර ගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන 2.0 කි. ඒ අනුව පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පිඑල්සී සමාගමට 2021 ජූලි 6 දින රුපියල් මිලියනයක දණ්ඩනයක් පනවා තිබේ.

දණ්ඩනය පැනවීමට හේතුව ලෙස දක්වා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සම්බාධකවලට අදාළ පිරික්සුම් කිරීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන්ග වන ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතිවලට අනුකූල නොවීම ලෙස දන්වා තිබේ.

එලෙසම අයිඩියල් ෆිනෑන්ස් ලිමිටඩ් ආයාතනයට 2021 ජූලි 12 දින රුපියල් ලක්ෂ පහක දණ්ඩනයක්ද සෙලාන් බෑන්ක් පී.එල්.සී බැංකුවට 2021 අගෝස්තු 12 දින රුපියල් ලක්ෂ පහක දණ්ඩනයක්ද ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතිවලට අනුකූල නොවීම හේතුවෙන් පනවා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More