දේශීය පුවත්

දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් අතර හමුවක් ඊයේ(02) උදෑසන යාපනයේ පෞද්ගලික හෝටලයකදී දී පවත්වා තිබේ.
පැය තුනකට අධික කාලයක් පැවති එම රැස්වීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, දෙමළ ප්‍රගතිශීලි පක්ෂයේ නායක මනෝ ගනේෂන්, ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, ටෙලෝ පක්ෂයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.

රටේ වර්තමාන දේශපාලන තත්ත්වය, ජනතා ගැටලු මෙන්ම දෙමළ සහ මුද්ලිම් ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව පැවසේ.
සාකච්ඡාව අවසානයේදී එම පක්ෂ විසින් රජයට යෝජනා 5ක් ඉදිරිපත් කිරීමට එකඟ වී ඇති බවද වාර්තාවේ.

ද්‍රවිඩ භාෂාව කතා කරන ජනතාවගේ දීර්ඝ කාලීන අභිලාෂයන් වූ දේශපාලන විසඳුමක් ඉතාම ඉක්මනින් ලබා දීම. 13 වන සංශෝධනය වහාම ක්‍රියාත්මක කිරීම. ආණ්ඩුකාරවරුන් යටතේ පවත්වන පළාත් සභාවලට අවශ්‍ය වූ ඒ මැතිවරණය ඉතාම ඉක්මනින් පැවැත්විවීම. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම. සහ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටින අය නිදහස් කිරීම. එම යෝජනා පහ වේ.

එහිදී මාධ්‍ය වෙත කරුණු දැක්වූ රාවුෆ් හකීම් මහතා ” එකම රට – එකම නීතිය කියන සංකල්පයක් යටතේ ජනාධිපති කාර්ය සාධක බළකායක් ඇති කරලා තියෙනවා. එම බළකාය හරහා මේ රටේ ජනතාව අතර තියෙන සංහිඳියාව, එකමුතුකම සම්පූර්ණයෙන් ම විනාශ වියහැකියි කියන අනාවැකිය අපි ප්‍රකාශ කරනවා. ඒ ප්‍රයත්නය සම්පූර්ණයෙන් ම අපි ප්‍රතික්ෂේප කරනවා.” යනුවෙන් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More