“එක රටක් – එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරණ ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ එම විෂය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් දැනටමත් සම්පාදනය කර ඇති නීති කෙටුම්පත සහ එහි යෝග්‍යතාව අධ්‍යයනය කළ යුතු බවයි.
එම ලිපිය මගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී ඇත්තේ මෙරට තුළ එම සංකල්පය ක්‍රියාත්මක කරන ආකාරය කාර්ය සාධක බළකාය විසින් අධ්‍යයනය කළ යුතු අතර එම අරමුණ වෙනුවෙන් නීතියක් කෙටුම්පත් කළ යුතු බවයි.
ශ්‍රී ලංකා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අනුව “එක රටක් – එක නීතියක්” සඳහා ප්‍රමාණවත් නීති සහ ස්ථාවර නියෝග ද, යෝග්‍ය යාන්ත්‍රණයක් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ මේ වන විටත් අන්තර්ගතවේ.
එහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නීතියක් කෙටුම්පත් කිරීම හා දැනට පවතින නීති අධ්‍යයනය කිරීම රජයේ ආයතන ගණනාවක් සම්බන්ධ කර ගනිමින් සිදුකළ යුතු අතර නීති සම්පාදන බලය යනු මහජන ස්වෛරීභාවයේ එක් සාධකයක් බවත් නීති සම්පාදනය සඳහා ක්‍රමවේදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්ම සම්පාදනය කර ඇති බවත් වෙනත් නීති පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මගින් ශක්තිමත් කර ඇති බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...