දේශපාලන පක්ෂ ලොකු කුඩා වුණත් දුෂ්කර අවස්ථාවල එක් අරමුණක් වෙනුවෙන් එකට එක පිලේ එක් අරමුණකට සටන් කළ අය මේ කවුරුවත් අපට ඈත් කරන්න බෑ. ඒ අය අපේ ආධාරක නෙමෙයි. අපේ කිහිලිකරුත් නෙමෙයි. ඒ අය අපේ අතකොළුත් නෙවෙයි. ඒනිසා එදා හිටපු සියලු පක්ෂ එක රෑනට එකට ඉන්න ඕනෑ. ඒ සමගිය රකින එක ප්‍රධාන පක්ෂයේ අපේ වගකීම යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
“අභිමානයෙන් සෞභාග්‍ය කරා”තේමාවෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී අද(02) දින පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන ජාතික මහා සම්මේලනය අමතමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.
තාප්පවල චිත්‍ර ඇඳලා දේශපාලනයෙන් රට අවලස්සන කරන්න එපා කිව්ව තරුණයන් අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ ඉන්නවාද කියලා හොයලා බලලා,එහෙම ඉන්නව නම් ඒ අය ආයෙත් මේ රටට කැඳවාගන්න පුළුවන් විධියේ දේශපාලනයක යෙදීම පොදුජන පෙරමුණට ඇති ඓතිහාසික අනාගතවාදී කාර්යය බව ද අග්‍රාමාත්‍යතුමා මෙහි දී පෙන්වා දුන්නේය.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි ජාතික මහා සම්මේලනය, පක්ෂයේ නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධාන ශක්තියෙන් අභිෂේක ගැන්විණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...