දේශීය පුවත්

තමන් කර්මාන්ත අමාත්‍යාංශය භාර ගත් පසුව එළඹුණු ඉතා වැදගත් තීරණයක් වන්නේ අබලි වශයෙන් ලෝහ පිටරට යැවීම නතර කිරීම බවත් එම තීරණයත් සමග මෙරට වාත්තු කර්මාන්තයේ අමුද්‍රව්‍ය හිඟයට පිළියම් ලැබී එම කර්මාන්තය උද්යෝගීමත්ව නැගී සිටින බවත් පෙන්වා දුන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, එමගින් මෙතෙක් ආනයනය කරනු ලැබූ යන්ත්‍ර සූත්‍ර ඇතුළු ඒවාට අවශ්‍ය ලෝහමය උපාංග දේශීයව නිපදවීමට හැකියාව ලැබීමෙන් පිටරටට ඇදී ගිය ඩොලර් මිලියන ගණනක විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ ඉතිරි කර ගැනීමට හැකියාව ලැබී ඇතැයි පවසයි.

එසේ වසරකට ඩොලර් මිලියන 2.5ක විදේශීය විනිමය ප්‍රමාණයක් රට තුළ ඉතිරි කරමින් ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය විවිධ ප්‍රමාණයේ කළුගල් සැකසීමට යොදා ගන්නා යන්ත්‍රවල ගෙවී යන ලෝහමය උපාංගයක් දේශීයව නිපදවීම වෙනුවෙන් ඉදිවන අශෝක් මැෂිනරි කර්මාන්තශාලාවට අද(02) කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ පන්නල කර්මාන්ත ජනපද පරිශ්‍රයේදී මුල්ගල තැබීමෙන් අනතුරුව ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

“අප කර්මාන්ත අමාත්‍යාංශය භාර ගත්තාට පසුව එළැඹුණු ඉතා වැදගත් තීරණයක් තමයි ලෝහ ද්‍රව්‍ය, අබලි ද්‍රව්‍ය ලෙස රට යැවීම නතර කිරීම. අබලි ලෝහ ද්‍රව්‍ය එලෙස පිටරට යැවීම හේතුවෙන් මෙරට වාත්තු කර්මාන්තය ඇතුළු කර්මාන්ත රැසකට අවශ්‍ය අමුද්‍රව්‍ය දේශීය වශයෙන් සපයා ගැනීම අභියෝගයක්ව පැවතුණා. ඒ නිසා අපි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අබලි වශයෙන් ලෝහ පිටරට යැවීම නැවත්වීමේ ඉහත තීන්දුව ගත්තා.

ඉන්පසුව මෙම වාත්තු කර්මාන්තය උද්යෝගීමත්ව නැගිටිමින් තිබෙනවා. මෙම කර්මාන්තයේ නියැලී සිටි කර්මාන්තකරුවන් සිය ධාරිතාවන් වැඩි කර ගනිමින් සිටිනවා. අලුත් පිරිස් මෙම වාත්තු කර්මාන්තය වෙත ප්‍රවේශ වෙමින් තිබෙනවා. මෙමගින් මේ රටින් එළියට ගිය විදේශ විනිමය ඩොලර් මිලියන ගණනක් රට තුළ ඉතිරි කරගන්න අපට හැකිවී තිබෙනවා. මේ අද මුල්ගල තබමින් අරඹන අශෝක් මැෂිනරි ආයතනය නිපදවනු ලබන ලෝහ උපාංග මගින් ද වසරකට පිටරටට ඇදී ගිය ඩොලර් මිලියන 2.5ක ප්‍රමාණයක් රට තුළ ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනවා.

අශෝක් මැෂිනරි ආයතනය විසින් අරඹනු ලබන මෙම කර්මාන්ත ශාලාව, ඉහත කර්මාන්ත ජනපදයේ දෙවන අදියර යටතේ ඉදිකිරීම් අරඹන පළමු කර්මාන්ත ශාලාවය. පන්නල කර්මාන්ත ජනපදයේ දෙවන අදියර පරිශ්‍රයේ මී ශාකයක් රෝපණය කිරීමට ද අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු කළ අතර එම කර්මාන්ත ජනපදයේ පවත්වාගෙන යනු ලබන පොදු සේවා මධ්‍යස්ථානය නිරීක්ෂණයට ද කටයුතු කළේය.

මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, අශෝක් මැෂිනරි පෞද්ගලික සමාගමේ සාමාන්‍ය්‍යාධිකාරී ධම්මික ගෝනදූව යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය,
2021.11.02



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More