වෘතීය සමිති කිහිපයක් විසින් ඊයේ පැවැත්වූ මාධ්‍යය සාකච්ඡාවකදී පවසා සිටියේ කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් හා මෙරට LNG සැපයුම අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට ලබාදීමට එරෙහිව අද(03) දහවල් ඛනිජතෙල්, වරාය, විදුලිය සහ ජල සම්පාදන ආයතන ඉදිරිපිට විරෝධතාවයක නිරතවන බවයි.
එහිදී වෘත්තීය සමිත් නියෝජිතයෝ පවසා සිටියේ විරෝධතා හේතුවෙන් විදුලි බිඳවැටීම් සහ ජල සැපයුමට බාධා සිදුවුවහොත් එහි වගකීම තමන් භාරනොගන්නා බවයි..
විරෝධතාවය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා,
“අපි සංවිධානය කරණ විරෝධතාවයට බියවී ඇති විදුලිබල මණ්ඩලයේ පාලකයෝ චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා සියලුදෙනාගේ නිවාඩු අවලංගු කරලා. අපි ආණ්ඩුවට කියනවා තත්ත්වය අවුල්කරන්න එපා කියලා. අපි පවත්වන්නේ සාමකාමී උස්ඝෝෂණයක් මිස වර්ජනයක් නෙවෙයි. හැබැයි මහපරිමාණ විඳුලි බිඳවැටීමකදී එය යථා තත්ත්වයට පත්කරගන්න බැහැ”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...