දේශීය පුවත්

නැවතත් දිවයින පුරා ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් හිඟයක් මතුව ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

ඔවුන් බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ, මේ වන විට දෛනික අවශ්‍යතාවන් සපුරා ගැනීමට හෝ අදාළ ගෑස් සමාගම් දෙකේම ගෑස් සැපයුම ප්‍රමාණවත් නොවන බවටයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපතිවරයා කියා සිටියේ මේ වන විට සිය සමාගම ගෑස් ආනයනය සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කර තිබුණ ද, ඒ සඳහා මෙරට වාණිජ බැංකු සතුව ඩොලර් නොමැතිකම හේතුවෙන් අදාළ ප්‍රමාදය මතුව ඇති බවයි.

කෙසේ වෙතත් මෙම අර්බුදකාරී තත්ත්වය යටතේ වුව ද දිනකට ගෑස් ටොන් 300ත් 400ත් අතර ප්‍රමාණයක් දිවයින පුරා බෙදා හරින බව ඔහු කියා සිටියා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වැගපිටිය සඳහන් කළේ පවත්නා තත්ත්වය යටතේ අවම තරමින් මෙරට වාණිජ බැංකු හරහා ණයවර සහතික හෝ ලබා ගැනීමට සිය සමාගම උත්සාහ දරමින් සිටින බවයි.

මේ අතර ලිට්‍රෝ ගෑස් සැපයීමේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ ප්‍රකාශකයකු සඳහන් කළේ සිය සමාගම අඩුවකින් තොරව ගෑස් සැපයුම අඛණ්ඩව සිදුකරගෙන යන බවයි.

කෙසේ වෙතත් ඔවුන්ගේ තරගකාරී සමාගම වන ලාෆ්ස් සමාගමේ මතුව ඇති ගෑස් සැපයුම අඩු වීම හේතුවෙන් සිය සමාගමේ නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි.කෙසේ වෙතත් අඩුවකින් තොරව ගෑස් සැපයුමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර ලාෆ් සමාගම විසින් තමා සමාගමෙන් බෙදාහරින ගෑස් වල මිල නැවතත් ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මෙම ඉල්ලීම කර ඇති බව සමාගම සදහන් කලේය. එම සමාගම විසින් මීට පෙර ආසන්න අවස්ථා දෙකකදීම ගෑස් මිල වැඩි කිරීමට කටයුතු කරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More