අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2021 වර්ෂයේ දී පැවැත්වීමට තිබු විභාගයන් පැවැත්වෙන දිනයන් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව විභාග සඳහා පෙනී සිටිමට නියමිත 5 ශ්‍රේණිය, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට පාසල් විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදී එම දිනයන් ප්‍රකාශයට පත්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මේ වන විට 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිත විභාගයන් සඳහා සංශෝධිත කාලසටහනක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එයට අනුමැතිය හිමිවූ බවද අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.
සංශෝධිත විභාග කාල සටහන පහතින් දැක්වේ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය – 2022 ජනවාරි මස 22 වන සෙනසුරාදා පැවැත්වේ.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි මස 7 වන සඳුදා සිට මාර්තු මස 05 වන සෙනසුරාදා දක්වා පැවැත්වේ.
අධ්‍යාපන පොදු සහතින පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 මැයි මස 23 සඳුදා දින සිට 2022 ජූනි 01 වන බදාදා දක්වා පැවැත්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...