බැසිල් රාජපක්ෂ හා තිරුකුමාර් නඩේෂන් යන මහත්වරුන්ට එරෙහිව මල්වානේ නිවසට අදාළව පවරා ඇති නඩුව ඊයේ (01)ගම්පහ මහාධිකරණය හමුවේ නැවතත් කැඳවීය.
නඩුවේ සාක්ෂිකරුවෙකු වන මුදිත උපාලි ජයකොඩි මහතා අධිකරණයේදී කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා දුන් මුදල්වලින් කොන්ත්‍රාත්කරුවෙකු යොදා මල්වානේ නිවස ඉදිකළ බවයි.
තමන්ට ලැබුණු මුදල් කොන්ත්‍රාත්කරුට භාර දුන් බව ද සාක්ෂිකරු කියා සිටියේ ය.
මුදිත ජයකොඩි මහතා මේ බව කියා සිටියේ ගම්පහ මහාධිකරණය හමුවේ නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
සාක්ෂිකරු කියා සිටියේ කොන්ත්‍රාත්කරුට මුදල් ලබා දීමේදී ඊට අදාළ රිසිට්පත් ලබා ගත් බවයි.
ඒවා තමාට අයත් සමාගමේ රිසිට්පත් බවට පිළිගන්නා බව ද සාක්ෂිකරු අධිකරණයේදී කියා සිටියේ ය.
දොම්පේ මල්වාන ප්‍රදේශයේ අක්කර 16 ක ඉඩමක් මිලට ගෙන එහි නිවසක් හා නාන තටාකයක් ඉදි කර රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
මාධ්‍යවේදී ප්‍රශ්නය :- ඇමැතිතුමා මංගල අයවැය ගැන ටිකක් කියලා යන්න කෝ
පිළිතුර (මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ) :- ඒක රහසක්
මාධ්‍යවේදී ප්‍රශ්නය :- මොනවා ද ජනතාවට ලැබෙන්නේ?
පිළිතුර (මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ) :- ජනතාවට ලැබෙන්න නෙවෙයි යන්නේ ජනතාවගෙන් ගන්න වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
So sad that the finance minister of Sri Lanka is a highly corrupt person.