ගැබිණි මව්වරුන් යළි රාජ්‍ය සේවයට කැඳවීමට තීරණය කර තිබෙනවා.
යම් සීමාවන්ට යටත්ව ඔවුන් සේවයට කැඳවන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ.
අදාළ කැඳවීම් ඒ ඒ ආයතන අවශ්‍යතා මත සිදුකළ යුතු වනවා.
ඇතැම් ආයතන පවත්වාගෙන යාමේදි මතුවන ගැටලු පිළිබඳ අවධානය යොමු කර එම තීරණයට එළැඹි බවයි ලේකම්වරයා සඳහන් කළේ.
කෙසේවෙතත් මේ සඳහා වන චක්‍රලේඛයක් මේවනතෙක් නිකුත් කර නැහැ.
මේ අතර, අමාත්‍යාංශ මට්ටමින් සිදුවන මහජන දින යළි පැවැත්වීම ද සීමාවන්ට යටත්ව සිදු කෙරෙනු ඇති.
අවශ්‍යතාව මත දින හා වේලාවක් වෙන් කර ගැනීමෙන් පසු අමාත්‍යාංශ නිලධාරීන් හමුවීමට ජනතාවට අවස්ථාව සැලසෙන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...