ආනමඩුව ප්‍රදේශයේ පිහිටි පිරිවෙනක නේවාසිකව අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 16 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට අද (01) දහවල් හඳුනාගත් බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
එම පිරිවෙනේ ශිෂ්‍ය ශික්ෂූන් වහන්සේලා 65 දෙනෙකු සහ ගිහි දරුවන් 10 දෙනෙකු අධ්‍යාපනය ලබති.
මෙම පිරිවෙනේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 03 දෙනෙක් පසුගිය 31 වනදා රෝගී තත්ත්වයක් පෙන්නුම් කර තිබුණි.
පසුව සෞඛ්‍ය නිලධාරීන් විසින් රෝගී භික්ෂූන්වහන්සේලා සහ සෙසු පිරිස රැපිඩ් ඇන්ටජන් පරීක්ෂණයක් සඳහා අද යොමු කළ අතර එහිදී එම ආසාදිතයින් හඳුනාගෙන ඇත.
ඒ අනුව එම පිරිවෙනේම ආසාදිත භික්ෂූන් වහන්සේලා නිරෝධායනය සඳහා යොමු කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...