ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන ISIS ත්‍රස්තවාදීන් සහ සංවිධානයේ සාමාජිකයින් සමග සමීප සම්බන්ධතා පවත්වමින් ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයින් 702නෙකු පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා වෙත (01) මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත.
ඉන්දීය රාජ්‍ය බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී අදාළ පුද්ගලයින් පිළිබඳ කරුණු වාර්තා වී ඇති බව අධිකරණ වාර්තාකරු පැවසුවේය.
මුස්ලිම් අන්තවාදියෙකු වන සහරාන් හෂීම් නැමැත්තා පැවැත්වූ දේශන, හඬපට සහ ඡායාරූප ද අදාළ දුරකථනයේ තිබී සොයාගෙන තිබේ. අත්අඩංගුවටගත් සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...