දේශීය පුවත්

එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ධූරය තමන්ට හිමිවීම ගැන වෙනත් ජාතීන්ට අයත් ජනතාව හෝ කිසිවෙක් කලබල විය යුතු නැතැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසුවා.

තම අතීත භාවිතාව නිසා ඇතැමුන්ට විවිධ විවේචන තිබිය හැකි නමුත් එම සියලු අරගල සිදුකළේ රට තුළ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විසඳුම් සෙවීම සඳහා බවත්, විවිධ නීති රීති නිසා මතුවන නරක නපුරු ආතතීන් ගැන කතා කරද්දී ඇතැමුන් එය වැරදියට තේරුම් ගත් බවත් උන්වහන්සේ සඳහන් කළා.

තමන් ඇතුළු ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරූ රාජකාරිය හරි ලෙස ඉටුවන්නේ ද යන්න ලැබී ඇති මාස හතරෙන් පසුව බලාගත හැකි යැයි කී ඥානසාර හිමියෝ එදිනට සියලු දෙනා එම වැඩපිළිවෙල වටා ඒකරාශි වනු ඇතැයි ද පැවසුවා.

“එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ” කාර්යභාරය පිළිබඳ ප්‍රථම මාධ්‍ය හමුව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණා.

ඒ පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කර තිබෙනවා.

කුමන ජන කොටසකට, ආගමකට හෝ දේශපාලන පක්ෂයකට අයත් වුවත් ඒ සියල්ලටම උඩින්, රට අංක එකට තබා කටයුතු කළ හැකි නම්, එවැනි රටක නීතිමය රාමුව පිළිබඳ සියලු අදහස්වලට සවන්දීමට කාර්ය සාධක බලකාය සූදානම් බව මෙහිදී අවධාරණය කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ එම ගැටලුව පිළිබඳ පුළුල් කියැවීමක් සහ ගැඹුරු අධ්‍යයනයක් ජනාධිපති කාර්ය සාධක බලකාය සතුව පවතින බව පැවසූවා.

අපගේ වගකීම වන්නේ රටේ අනාගත පරපුර ඊළග සියවසට සහ ඉන් ඔබ්බට ගැළපෙන එක් ජාතියක් – එක් කොඩියක් යටතට එක් කළ හැකි, රටට ගැළපෙන එක් නීතියක් නිර්මාණය කිරීම බව ද උන්වහන්සේ සඳහන් කළ බව එම නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා.

“අපට අවශ්‍ය පටු බෙදීම්වලින් මිදුනු ඒකීය ජාතියක් ලෙස එකිනෙකාගේ සංස්කෘතික, ආගමික උරුමයන්ට ගරු කරමින් සමගි සම්පන්නව එකට ජීවත්වන ජාතියක්. අපගේ වගකීම වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස හෝ බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් ලෙස හෝ නොබෙදුනු එම සියලු ජාතීන් එකට ගොනු කරන එක නීතියක් මේ රට තුළ ගොඩනැගීමට අවශ්‍ය පරිසරය සැකසීමයි.”

ජාති, ආගම්, පළාත් අනුව බෙදීම හේතුවෙන් වැඩිම පීඩාවකට ලක් වූයේ මේ රටේ තරුණ පරපුරයි. එබැවින් මෙම ක්‍රියාවලිය තුළ තරුණ පරපුරට සුවිශේෂී ස්ථානයක් හිමි වන බව පැවසූ උන්වහන්සේ විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සහ විවිධ සංවිධාන නියෝජනය කරන සියලු තරුණ තරුණියන්ට සිය අදහස් සහ යෝජනා කාර්ය සාධක බලකාය වෙත ලබාදෙන ලෙස ආරාධනා කරන බව ද පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

එමෙන්ම මේ පිළිබඳ රටේ සියලු දේශපාලන පක්ෂ, ආගමික හා සිවිල් සංවිධාන සහ කණ්ඩායම් සමග ඉදිරියේ අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බව පැවසූ උන්වහන්සේ සැඟවුණු න්‍යාය පත්‍රවලින් තොරව එන සියලුදෙනාට සාකච්ඡාව විවෘත බව එහිදි සඳහන් කර තිබෙනවා.

මේ සියලු අදහස් විමසීමෙන් අනතුරුව කාර්ය සාධක බලකායේ මතය සහ නිර්දේශ නියමිත කාලය තුළ ජනාධිපතිවරයා වෙත භාරදීමට අපේක්ෂා කරන බව ද උන්වහන්සේ මෙහිදී සඳහන් කළ බව එම නිවේදනයේ දැක්වෙනවා.

ශ්‍රී ලංකාව තුළ “එක් රටක් – එක් නීතියක්” ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධ්‍යයනය කර පනත් කෙටුම්පතක් සැකසීමේ කාර්යභාරය “එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය” වෙත පැවරී තිබෙන බව එහි සාමාජික මහාචාර්ය සුමේධ සිරිවර්ධන මහතා සඳහන් කර තිබෙනවා.

එසේ නොමැතිව නීති සැකසීමේ බලයක් ජනාධිපති කාර්ය සාධක බලකායට නොමැති අතර එය ව්‍යවස්ථා සභාව විසින් සිදුකරනු ඇති බව ද ඒ මහතා පෙන්වා දී තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More