පෞද්ගලික බැංකුවක ට්‍රේලර් යන්ත්‍ර වලට මුදල් දැමීම සඳහා කොළඹ සිට නුවරඑළිය දක්වා මුදල් රැගෙන ගමන් කළ රථයේ රියදුරු හැටන් නගරයේ දී ට්‍රේලර් යන්ත්‍රයට මුදල් දමන අතරතුර එම මුදල තවත් වෑන් රථයකින් පැමිණි පිරිසක් කොල්ල කා තිබෙනවා.
රුපියල් කෝටි හයකට අධික මුදලක් මෙලෙස කොල්ල කා පලා යමින් සිටියදී නුවර හැටන් මාර්ගය රේන්දපොල ස්ථානයේදී ඔවුන් අල්ලා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් එම රියදුරා යුද හමුදාවේ සේවය කළ අයෙකු බවට අනාවරණය වූ අතර අත්අඩංගුවට ගන්නා ලද මුදල් සැකකරු හා වෑන් රථයද කැප්පෙටිපොළ පොලිස් ස්ථානයට වැඩිදුර විමර්ශන සඳහා භාර දී තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නීතිඥ වරැන ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර සේනාංකය කලාප අණදෙන නිලධාරි ජේෂ්ඨ පොලිස් අධිකාරී රත්තෙපිටිය මහතාගේ මග පෙන්වීම හා උපදෙස් යටතේ විශේෂ කාර්ය බලකාය මීපිළිමාන කඳවුරේ කදවුර අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක හේරත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදුකර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...