දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද එක් රටක් එක් නීතියක් සඳහා වූ සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායේ නායකත්වය බොදු බල සේනා සංවිධානයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත පිරිනැමීම පිළිබඳව “ලංකා ලීඩ් නිව්ස්” හි විමර්ෂණ ඒකකය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් කරුණු විමසන ලදී. එතුමාගේ අදහස වූයේ එක් රටක් එක් නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය රටේ ප්‍රධාන ප්‍රශ්නයක් මගහැර වීමට දෙන ලද කැරට් අලයක් විය හැකි බවයි. ධර්මදාස මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඥාණසාර හාමුදුරුවන්ට එරෙහිවෙන පුද්ගලයින්ට උතුරේ ආණ්ඩුකාර තනතුර වැනි අති සංවේදී තනතුරක් එන්ජීඕ කාක්කෙකුට ලබාදීම පිළිබඳව කිසිදු විරෝධයක් නොමැතිවීමද ඔවුන්ගේ න්‍යාය පත්‍රය කුමක්ද කියා හෙලිදර්ව්වන බවයි. එතුමාගේ සම්පූර්ණ ප්‍රකාෂය පහත සඳහන්වේ.

“මෙම කාර්‍ය සාධක බලකායේ සංයුතියේම ප්‍රශ්නයක් තියෙනව. ඥාණසාර හාමුදුරුවො ඒ පිළිබඳව අවබෝධ කරගෙන ඇති බව පෙනෙනව. කලින් ආණ්ඩුව හිටියනම් මේකට සමහරවිට පත්කරන්නෙ අර හිවල් සමාජයේ අය වෙන්න පුළුවන්. එයාල තමයි ඔවැනි කරුණු වලට ඔස්තාර් වරුන් කියල හිතන් ඉන්නෙ. ඒ ගැන සලකන විට යම්කිසි ප්‍රගතියක් මෙම පත්කිරීම් තුල තියෙනව. නමුත් මෙම කාර්‍ය සාධක බලකාවල නිර්දේශ බාරගැනීම හෝ ක්‍රියාත්මක කිරීම කොපමණ දුරට සිදුවේදැයි සැක සහිතයි. ඒ පිළිබඳව පසුගිය කොමිෂන් සභාවල් වලින් දෙන ලද නිර්දේශ වලට සිදු වුන දේ වලින්ද සනාථ වෙනව.

මෙහි ඇති බැරෑරුම් තත්ත්වය ඔය පත්කිරීම නොවෙයි. ඔය පත්කිරීම පිළිබඳව වාද විවාද ඇති කිරීමෙන් එන් ජී ඕ කප්පිත්තන්ව සංවේදී තනතුරු වලට පත්කිරීම පිළිබඳව මාතෘකාව දියකර හැරී යෑමක් සිදුව තිබෙනව. සැබෑවටම ප්‍රශ්ණ කළයුතු පත්කිරීම ඥාණසාර හාමුදුරුවන්ගෙ පත්කිරීම කියල මම හිතන්නෙ නෑ. නමුත් සමහර මැති ඇමතිවරු පවා ඒ පිළිබඳව නිවැරදිව ග්‍රහණය කරගෙන තිබෙන බවක් පෙනෙන්න නෑ. එහෙම පෙනෙන බවක් තියෙනවනම් මිනීමැරුම් චෝදනා ලැබ මරණීය දණ්ඩනයට නියමවූවන්ට හා අනෙකුත් දණ්ඩන වලට නියමව හිරගතව සිටින අයට පාර්ලිමේන්‍තුවට සහභාගී වීමට කෙසේවත් ඉඩ නොදියයුතුයි. හේතුව ඔවුන් ඳඬුවම් විඳින සහ ඳඬුවම් අපේක්ෂාවෙන් පසුවෙන අය. ඥාණසාර හාමුදුරුවො මිනී මැරුමකටවත් වෙනත් දූෂණයකටවත් නොවෙයි හිරේට ගියේ. ඒ වගේම අධිකරණයට අනිසි බලපෑම් කරලත් නොවෙයි හිරේට ගියේ. එබැවින් සම්පාදනය කරන නීති වල අඩු ලුහුඬුකම් තියෙනවද කියල බලන්න ඥාණසාර හිමියන්ව පත්කිරීම ඥාණසාර හිමියන් හිරේ හිටිය නිසා වැරදියි කියන කාරණය කියමන අනුමත කරන්න බැහැ.
දැන් අලිසබ්‍රි ඇමතිතුමාත් කියනව ඥාණසාර හාමුදුරුවො සාධක බලකායට එනවනම් එතුමාත් ඇමතිකමෙන් අස්වෙනව කියල . ඒකනම් කියලවත් කරගන්න බැරි වැඩක්. එහෙම දෙයක් සිදුවෙනවනම් හොඳයි කියල කියන්න පුළුවන්. අපි දැක්කනෙ පහුගිය දිනවල තිස්ස අත්තනායක මංත්‍රීතුමා පුද්ගලික යෝජනාවක් විදිහට මැති ඇමතිවරුන්ගෙ කනෙන් රිංගල ගෙන එන්න හදපු යෝජනාව. ඒකට ඔය අධිකරණ ඇමතිතුමාගෙ අනුමැතිය අනුග්‍රහය නොමැතිය සිදුවෙන්න බැහැකියල විද්වතුන් කියල තිබුනනෙ. ඒ කොහොම වෙතත් ඔය සංසිද්දියෙනුත් පෙනෙනව ඔය කියන සාධක බලකායත් හරියට කෝඳුරු තෙල් හත් පට්ටයක් හා ටිකක් වෙන්න හැකියාව තියෙනව කියල. හේතුව ජනාධිපතිතුමා අලිසබ්‍රි ඇමතිතුමාගෙ ඉවත්වීමේ තර්ජනය හමුවේ සංවේදී වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනව.

අපි වාද කළ යුතු මාතෘකාව වන්නේ උතුරේ ආණ්ඩුකාරවරිය ලෙස කටයුතුකල චාල්ස් මහත්මියව තනතුරෙන් අයින්කිරීම සහ ඒ තනතුරට එන්ජීඕ කප්පිත්තෙක් පත්කිරීම. අපිට මතකයි චාල්ස් මහත්මියව එම තනතුරට පත්කරණ අවස්ථාවේදී වත්මන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මැතිතුමා ඉතා විශිෂ්ඨ ඇගයීමකට ඇයව ලක්කලා. ඒ ඇගයීම එක්තරා නාලිකාවකින් විකෘතිකොට දක්වා මඩ ව්‍යාපාරයකුත් රැගෙන ගියා. එයින් සිදුවුනේ නොදන්නා අයත් ඉන් පසුව ඒ පිළිබඳව දැනගැනීමයි. (දිගුව සඳහා මෙතනින් පිවිසෙන්න). එවන් සේවයක් සිදුකරන ලද චාල්ස් මහත්මිය ඉන් ඉවත්කර, ඉන්දියන් ඒජන්තයින් රටට පැමිණ ගිය වහාම, එන්ජීඕ සංවිධානවල කපිත්තෙක් එම තනතුරට පත්කළ සිදුවීම අහඹු සිදුවීමක් විය නොහැකියි.

පළාත් සභාවේ ආණ්ඩුකාර තනතුර යනු ජනාධිපතිවරයාට වගකියනු ලබන, ජනාධිපතිවරයාට පාක්ෂිකව පත්කරනු ලබන තනතුරක්. එය ලංකාවේ පමණක් නොව අපට පළාත් සභා බලයෙන් පටවන ලද ඉන්දියාවේ තත්ත්වයත් එලෙසමයි. මධ්‍යම රජයේ බලතල අයිතිවාසිකම් සියල්ල රකින්නෙ ආරක්ෂා කරන්නෙ ආණ්ඩුකාරයා විසින්. ඔහුට ඒ සඳහා බලය පවරා තියෙන්නෙ. එම පවරා ඇති බලතල යමෙක් අත්තනෝමතික ලෙස පාවිච්චි කළහොත් සිදුවන්නේ කුමක්ද? එන්ජීඕ කප්පිත්තෙක් එවැනි සංවේදී තනතුරේ ඉන්දවීම ඥාණසාර හාමුදුරුවන්ව අර කාර්‍ය සාධක බළකායේ මුල් පුටුවේ ඉන්දවීම වැරදියි කියන අයට පෙනුනේ නැතිද? මේවා සිදුවන්නේ කාගේ න්‍යායපත්‍ර වලටද? ජනාධිපතිතුමා දන්නෙ නැතිද ආණ්ඩුකාරධූරයේ ඇති සංවේදිකම? ජනාධිපතිතුමා දන්නේ නැතිද ඔය කියන කාර්‍ය සාධක බළකායට දෙමළ නියෝජනයක් අවශ්‍යබව? සැබෑවටම ජනාධිපතිතුමා මේ ඉටුකරන්නේ කාගේ උවමනාවක්ද? වරක් එක්තරා සමුළුවකදි කොටි හිතවාදියෙක් පවසා තිබුන ඊලම ගැනීම රනිල්ගෙන් නොව රාජපක්ෂ කෙනෙක්ගෙන් කරගත හැකියි කියා. ඔහු එයට හේතුව ලෙස දක්වා තිබුණේ ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව එවැන්නක් සිදුවේවි යැයි නොසිතන නිසා බවයි. මේ සිදුවන්නේ එයද? ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More