ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රබල අයි එස් සාමාජිකයෙකු සමග සබඳතා පැවැත්වූ බව කියන ශ්‍රී ලාංකිකයන් 702 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
මොහොමඩ් සම්සුදින් නම් අයි.එස් සාමාජිකයෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දීය රාජ්‍ය බුද්ධි අංශය විසිනුයි. ඔහුගේ වට්ස්ඇප් ගිණුමේ තිබී ශ්‍රී ලාංකිකයන් 702 දෙනෙකු සමග සබඳතා පැවැත්වූ තොරතුරු හමුවී ඇතැයි ත්‍රස්ත මර්දන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබෙනවා.
අදාළ ගිණුමේ තිබී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරුවෙකු ලෙස කටයුතු කල සහරාන් හෂීම් ගේ ඡායාරූප සහ දේශනද සොයාගෙන ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියා.
මෙම 702 දෙනා අතුරින් එක් අයෙකු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බවද අධිකරණය හමුවේ අනාවරණය කෙරුණා. ඔහු රඳවාගෙන අයි එස් සබඳතා පිළිබඳ විමර්ශන සිදුකරන බවයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කලේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...