දේශීය පුවත්

ආණ්ඩුව විවේචනය කළ උදය ගම්මන්පිල ඇමතිවරයා අදත් ආණ්ඩුව ඇතුළේ සිටින අතර ඒවැනි විවේචන සිදුකරමින් ඔහුට තවදුරටත් ආණ්ඩුවේ සිටිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසා ඇත.

යුගදනවි එල්.එන්.ජී. බලාගාරය සඳහා එල්.එන්.ජී. සැපයීමේ ඒ්කාධිකාරිය ඇමෙරිකාවට ලබාදීමට එරෙහිව ඉකුත් 29 වැනිදා අෘණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක ප්‍රධානත්වයෙන් කොළඹදී පැවති ”මහජන මන්ත්‍රණ සභාව” රැස්වීමේදී උදය ගම්මන්පිල මහතා කළ කතාව පිළිබඳ අදහස් දක්වමින් ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාගේ කළ විමසීමකදී ඔහු පැවසුවේ ශෙහාන් මල්ලිගේ අනාගත බලශක්ති ඇමති පදවියට තමන් එක සිතින් සුබ පැතුම් එක්කරන බවයි.

තමන් කරනු ලැබුවේ සත්‍යවාදී ප්‍රකාශයක් බව වගකීමෙන් සදහන් කරන්නේ යැයිද උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More