දේශීය පුවත්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාථමික අංශ පාසල් තුළ සිසුන් සහ ගුරුවරුන් වැඩි වශයෙන් කොවිඩ් ආසාදනයට ලක්ව ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ, වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්. බී රත්නායක මහතා ප්‍රකාශ කරයි.

ඉදිරියේ දී එම තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බවත් අනුරාධපුර නගර සභාව, ගලෙන්බිඳුනුවැව, පදවිය, තලාව සහ කහටගස්දිගිලිය වැනි ප්‍රදේශවල කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවත් සඳහන් කර සිටි වෛද්‍යවරයා, හොරෙව්පතාන, පදවිය සහ තලාව යන ප්‍රදේශවල ප්‍රාථමික පාසල්වල සිසුන් හා ගුරුවරු මේ වන විට නිරෝධායනයට ලක්කර ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.

පාසල් ළමුන් 6 දෙනෙක් අපි මේ වනවිට ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ගුරුභවතුන් 3 දෙනෙක් ආසාදිත වෙලා තියෙනවා පසුගිය දින හතර පහ තුළ.

පාසල් යන 2 සහ 3 වසරවල ප්‍රාථමික ශ්‍රේණිවල ළමුන් මේ වන විට ගොදුරුවෙලා තියෙනවා. පාසල් ළමුන් 40ක් නිරෝධායනයට ලක්කර තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සංචරණ පුළුවන් තරම් අවශ්‍යතාවයට පමණක් සීමා කරන ලෙසය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More