කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසා සිටියේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් 40%ක් විකිණීම සම්බන්ධයෙන් ගැටලුවක් නැති බව කැබිනට් මණ්ඩල රැස්වීමේදී පැවසූ බවයි.
මෙම කණ්ඩායම හැමදාම කරණු ලැබුවේ ගැලරිය පිනවීම පමණක් බව පවසන ගාමිණි ලොකුගේ මහතා ඔවුන් රටේ ආර්ථිකය ගොඩගැනීමට කටයුතු කළ යුතුව ඇතැයිද පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්,
“පසුගියදා මහජන සභාවක් කැඳවා ඔවුන් විසින් සිදුකළ ප්‍රකාශ ගැන කනගාටු වනවා. එහිදී එල්ල කළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා. යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් විකිණීම පිළිබඳ ගැටළුවක් නැති බව මෙම ඇමතිවරුන් තිදෙනාම පැවසූවා. ඔවුන්ට ඇත්තේ ගෑස් ඒකාධිකාරය ඇමරිකාවට නතු වීම පිළිබඳ ගැටලුවක් පමණක් ඇති බව කැබිනට් හමුවේ දී ප්‍රකාශ කළා.අනාගත ජනාධිපති අගමැති සිහින වෙනුවෙන් වැඩ කරන්නේ නම් ඇමැති ධූර අතහැර ඒ වෙනුවෙන් කටයුතු කළ යුතුයි. මොවුන්ගේ හැසිරීම පිළිබඳ විනය ක්‍රියාමාර්ග ගන්නැයි පක්ෂයට යෝජනා කරනවා.ආණ්ඩුවේම සිටිමින් පුද්ගලික න්‍යාය පත්‍රවලට කටයුතු කිරීමට ඉඩ දෙන්නේ නැහැ.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...