ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය බිරිඳ සහ දරුවන් අහිමි වු කටුවාපිටිය ප්‍රදේශවාසියෙකුට නිවසක් ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් පවසා සිටියේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ ඇයිදැයි තමන්ට තේරුම්ගත නොහැකි බවයි.
“මීට කලින් ආණ්ඩු කළ අය රට පාලනය කළේ නැහැ. ඒ අය රට විනාශ කෙරුවා. එනිසා තමයි ඔය අන්තවාදියෝ බෝවෙලා මෙවැනි දෙයක් කරන්න ඉඩකඩ ලැබුණේ.පසුගිය ආණ්ඩුව කළ අය දැනගෙන හිටියා මේ ප්‍රහාරය පිළිබඳව. නමුත් එයාලා මුකුත් කළේ නැහැ ඒක වළක්වන්න. පොලීසියේ උසස් නිලධාරිනුයි හිටපු ජනාධිපතියි සියළු දෙනා එකතුවෙලා මේ දේ කළේ.එයාලා අතර ලියුමක් යවලා තම තමන් ආරක්ෂා වුණා. මිනිස්සුන්ට මොනවා වුණත් කමක් නැහැ කියලා එයාල එයාලාගේ වගකීම් ඉෂ්ට කළේ නැහැ. ඒක බොරුවක් නෙමේ ඒක ඇත්තක්. දැන් මේ කට්ටිය මොකක්ද කළේ. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ කරලා තියන එකක්වත් ඉටු කරන්න කටයුතු කරන්නේ නැහැ. අපිට ඒක තේරුම්ගන්න අමාරුයි. ඇයි ඒක කරන්නේ නැත්තේ කියලා. මේ ආණ්ඩුව කාලේ නෙමේනේ මේ බෝම්බ පිපිරුවේ. අපිව මැරුවත් කමක් නැහැ. ඔබට යුක්තිය ඉටු කරන්න කැපවෙනවා.“
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...