දේශීය පුවත්

චීනයෙන් ආනයනය කර ඇති පොහොර තොගය සඳහා අනිවාර්යෙන්ම මුදල් ගෙවීමට සිදුවන බව මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

එසේ ගෙවිය යුතු මුදල ඩොලර් මිලියන 09ක් වන බවත් මෙම තත්ත්වය ඇති වීමට රජයේ පොහොර සමාගමේ අඩුපාඩු බලපෑ බවත් පැවසූ ඔහු මේ සදහා කවුරු උපදෙස් දුන්නා දැයි නොදන්නා බවත් කියා සිටියේය.

පොහොර සාම්පලවල පරීක්ෂණ වාර්තා එන්න පෙර ණයවර ලිපි විවෘත කර ඇති බවත් දැන් කළ හැකි කිසිම දෙයක් නැති බවත් ඔහු කියා සිටියි.

අධිකරණ නියෝගය නොවේ නම් දැනටමත් මුදල් ගෙවීමට සිදුවනු ඇති බවත් අධිකරණය වාරණ නියෝගය දිගු කලක් නොතිබෙනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කරයි.

මෙම සිදුවීමේදී මහ බැංකුව කිසිදු වරදක් නැති බව ද ඔහු තව දුරටත් කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More