බස්නාහිර පළාත තුළ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය නොකරමින් නගර, වීථි, ආලෝක සංඥා පුවරු අසළ සැරිසරන යාචකයන් පරීක්ෂා කර කොරෝනා මර්දන එන්නත ලබාදීම සඳහා යොමුකිරීමට විශේෂ මෙහෙයුමක් ඊයේ ක්‍රියාත්මක වුණා.
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි උදෑසන 9 සිට පස්වරු හතර දක්වා සිදුකළ මෙම මෙහෙයුමේදී යාචකයන් 541ක් පරීක්ෂා කර ඇති අතර ඉන් එකදු එන්නතක් හෝ ලබා නොගත් යාචකයින් 77 දෙනෙකු හඳුනාගැනුනා.
ඒ අනුව ඔවුන්ගෙන් 22කට ඊයේ දිනයේදීම එන්නත ලබාදී ඇති අතර, අනෙක් 55 දෙනා ඉදිරියේදී ඒ සඳහා යොමු කිරීමට නියමිත බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...