මේ වනවිට වෙළෙඳපොලේ සහල් සහ සීනි හිඟයක පවතින අතර ඒවායේ මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනූව, මේවන විට පිටකොටුව සහල් තොග වෙළෙඳපොලේ නාඩු කිලෝවක් රුපියල් 130කටත්, සම්බා කිලෝවක් රුපියල් 150කටත් සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 220කටත් වැනි ඉහළ මිලකට අලෙවි වන බවයි වාර්ථා වන්නේ.
පසුගිය අගෝස්තු හා සැප්තැම්බර් මාස වලදී සහල් මිල අධික ලෙස ඉහළ යාමත් සමඟ රජය සහල් සඳහා පාලන මිලක් පවනවු ලැබූවද පසුව වෙළෙඳපොලේ සහල් හිඟයක් නිර්මාණය වු අතර සහල් පාලන මිල ඉවත් කළා.
ඒ සමඟම මහා පරිමාණ වී මෝල් හිමියන්ද සහල් මිල ඉහළ දැමුවේ කීරි සම්බා කිලෝවක් රුපියල් 165ක්, සම්බා සහල් කිලෝවක් රුපියල් 140ක් සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 115ක් වශයෙනි.
කෙසේ වෙතත් මේ වන විට සිල්ලර වෙළෙඳපොලේද සහල් මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා.
සහල් මිල පාලනය කිරීමේ පියවරක් ලෙස රජය ඉන්දියාවෙන් සහල් මෙට්‍රික්ටොක් 100,000ක් කොටස් වශයෙන් ආනයනය කිරීමට කටයුතු කළ අතර මේවන විට එම නාඩු සහල් සතොස මාර්ගයෙන් කිලෝවක් රුපියල් 98ක මිලකට අලෙවි වනවා.
එහිදී පාරිභෝගිකයින්ට එකවරකට ලබා දෙනු ලබන්නේ සහල් කිලෝ 5ක් පමණයි.
මේ අතර ඉන්දියවෙන් ආනයනය කළ තවත් සහල් තොගයක් රැගත් නෞකාවක් ඊයේ කොළඹ වරායට ළඟා වූ අතර අද සහ හෙට ද ඉන්දියාවෙන් සහල් රැගෙන තවත් නෞකා දෙකක් මෙරටට පැමිණීමට නියමිත වේ.
එම සහල් ලබන සතියේ සිට සමූපකාර මෙන්ම සුපිරි වෙළෙඳ සැල් හරහා ලබා දීමට වෙළෙඳ අමාත්‍යංශය සැළසුම්කර ඇති අතර සහල් හිඟයට පිළියමක් ලෙස තවත් රටවල් දෙකකින් ඉදිරියේදී සහල් ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබෙන බවයි වාර්ථා වන්නේ.
ඒ මියන්මාරයෙන් සහල් මෙට්‍රික්ටොන් 150,000ක් සහ පාකිස්ථානයෙන් සහල් මෙට්‍රික්ටොන් 50,000ක් වශයෙන්.
මේ අතර වෙළෙඳපොලේ සිනි මිලද අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා.
සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 122ක් සහ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 125ක උපරිම සිල්ලර මිලක් ද පනවා ඇති පසුබිමකයි සීනි මිල ඉහළ ගොස් ඇත්තේ.
කෙසේ වෙතත් මේවන විටත් කොළඹ වරාය තුළ මුදා නොගත් සිනි බහාලුම් 200ක් පමණ පවතිනවා.
සිනි ආනයනයකරුවන් පවසන්නේ වෙළෙඳපොලේ පවතින සීනි අර්බුදය නිමා කිරීම සඳහා අවශ්‍ය ඩොලර් මෙතෙක් ලැබී නොමැති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...