දේශීය පුවත්

LNG සැපයුම් ඒකාධිකාරිය ඇමරිකානු සමාගමකට පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන්ගේ මූලිකත්වයෙන් ඊයේ කැදවන ලද මහජන මන්ත්‍රණ සභාව පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් අදහස් දක්වා තිබේ.

මෙ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා , එකට වැඩ කළ නොහැකි නම් වෙන් විය යුතු යැයි සිය සමාජ ජාලා ගිනුමේ සටහනක් තබමින් පවසා සිටී.

එම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන ,

“මම හිතන්නේ අපි සමහරක් ජිවත් වෙන්නෙම අතිතයේ. අතීත ශ්‍රි විභූතියේ! .හැබැයි කථාවක් තියෙනවා හැමදාම එකම දේ කරලා වෙනස් ප්‍ර‍ථිපලයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා.

අපි හැමදාම එකම විදියට හිතලා, එකම විදිහට වැඩ කරලා,එකම දේ කරලා වෙනස් ප්‍ර‍ථිපලයක් හොයනවා. යන්ත්‍රයට හැමදාම දර දාලා කේජු බලාපොරොත්තු වෙනවා.අපිට රටේ ජනතාව බලය දුන්නේ මෙන්න මේ වෙනස කරන්න.

ගතානුගතික බවෙන් මිදුනෙ නැත්නම් අපේ කදවුර විනාශ වෙනවා.ආණ්ඩුවේ 150 ක් ඉන්නවා.අපි හැමෝටම මතයක්,අදහසක් තියෙනවා.හැබැයි අපිට ඕන දේම හැමදාම වෙන්නේ නෑ. එහෙම බලාපොරොත්තු වෙන්නත් බෑ.එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඒක සාධාරණත් නෑ.ගුණ-අගුණ,හොද-නරක, මේ සියල්ල අපට දරාගන්න සිද්ද වෙනවා. ආණ්ඩුව ගන්න උදව් කළා වගේම ආණ්ඩුව ගෙනියන්න උදව් කරන්න සිද්ද වෙනවා.

ආණ්ඩුව ගන්න උදව් කරා කියලා ආණ්ඩුව වට්ටන්න වැඩ කරන්න අයිතිවාසිකමක් ලැබෙන් නෑ.රෝපණය කළා නම් හැදෙන්න රූස්සව වැඩෙන්න උදව් කරන්න.සෘතුවට අනුව දළු දානකොට දළු වල පාටින් කොළ ගැන හිතලා මුල කැපුවොත් ගහ මැරෙනවා.අපි මේ ගෙවන්නෙ ඉතාම දරුණු,බිහිසුනු වගේම ව්‍යසනකාරි සෘඍතුවක්.

මේ අලුත් දළු ලියලන්නෙ ඒ ව්‍යසනකාරී සෘතුවට ඔරොත්තු දෙන්නමයි.
සෘතුව තේරුම් අරන් එක්ව වැඩකරමු.
එහෙම බැරිනම් වෙන්වෙමු!

මම
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More