දේශීය පුවත්

ලබන 31 වනදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.

අපවත් වී වදාළ කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති සහ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙණේ පරිවේණාධිපති පූජ්‍ය වැළමිටියාවේ කුසලධම්ම නාහිමිගේ අදාහන පූජෝත්සවය හේතුවෙන් එදින ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළ බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

වැළමිටියාවේ කුසලධම්ම නාහිමිගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ලබන 31 වනදා පස්වරුවේ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතය.

ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ලබන 31 වනදා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මස් මාංශ අලෙවිසැල් ද වසා තැබිය යුතු බවට එම නිවේදනයෙන් දැනුම් දී ඇත.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අපවත් වී වදාළ වැළමිටියාවේ කුසලධම්ම නාහිමිගේ ‍ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වීය.

ඊයේ(29) පස්වරුවේ උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති පෑළියගොඩ විද්‍යාලංකාර පිරිවෙණ වෙත ගිය ජනාධිපතිවරයා අවසන් ගෞරව දැක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More