දේශීය පුවත්

වරාය, ඉන්ධන, තැපැල් ප්‍රවාහන සහ රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ (29) දිනයේ නිකුත් කළ එම නිවේදනයට අනුව ජන ජීවිතයට අත්‍යවශ්‍ය අදාළ සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම එහි අරමුණයි.

ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා නිවරණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්හි සඳහන් වන කරුණු ද සැළකිල්ලට ගෙන තිබෙනවා.

ඒ අනුව එම සේවාවන්ට අදාළ රාජ්‍ය සංස්ථා, රජයේ දෙපාර්තමේන්තු, පළාත්පාලන ආයතන සහ රාජ්‍ය බැංකු ආදිය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්වනු ඇති

වරාය අධිකාරියට අදාළ සේවාවන් හා නැව්වලින් ඉන්ධන බැහැර කිරීම, ප්‍රවාහනය, ගොඩබෑමට අදාළ සියලුම සේවාවන්, පෙට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුලු සියලුම ඉන්ධන සැපයුම් හා බෙදාහැරීමේ කටයුතු, දුම්රිය භාණ්ඩ ප්‍රවාහන කටයුතු සහ ගමනාගමන මණ්ඩලය මගින් සිදුකරන පොදු ප්‍රවාහන සේවාවන් ද මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන්ට ඇතුළත් කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More